Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:24 - Sinhala New Revised Version 2018

24 මොවුන්ගේ සේවාව සහ වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මොවුන්ගේ සේවාව සහ වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 මෙහෙකිරීමෙනුත් බර ගෙනයාමෙනුත් ගේර්ෂොන්වරුන්ගේ පවුල්වලට කරන්ට තිබෙන සේවය මෙසේය–

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:24
12 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, සේවාව සහ වගකීම ඔවුන්ට පැවරීම පිණිස ඔව්හු ගණන් කරන ලදහ. මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ලියාපදිංචි කරන ලදහ.


අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුසු අයට සම්මුඛ මණ්ඩපය තුළ සේවාවේ වගකීම පැවරිය හැකි ය.


ගේර්ෂොන්ගේ දරුපරපුරට පැවරෙන සේවාව සහ වගකීම්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ඔවුන්ට භාර දෙන ලෙස ඉටු විය යුතු ය. එබැවින් නුඹ ද ඔවුන්ට ඔවුන්ගේ වගකීම පැවරිය යුතු වේ.


ඔවුන් අතිශුද්ධ බඩු භාණ්ඩවලට ළඟා වන විට නොමැරී, ජීවත් වනු පිණිස ඔවුන් ගැන කලින් කී පරිදි ක්‍රියා කරන්න. ආරොන් හා ඔහුගේ පුත්‍රයන් ඇතුළු වී, කොහාත්ගේ ගෝත්‍රයේ සෑම කෙනෙකුට ම පැවරෙන සේවාව හා වගකීමට ඔවුන් පත් කළ යුතු ය.


“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.


මොවුන්ට සම්මුඛ මණ්ඩපයේ පහත දක්වන කොටස් භාර විය. එනම්, මළුවේ තිර ද, මණ්ඩපය ද, එහි වැස්ම ද කඩතුරාව ද


අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.


ඔවුන් මණ්ඩපයේ තිර ද, තිරයෙන් ආවරණය වූ සම්මුඛ මණ්ඩපය ද, එහි අභ්‍යන්තර ආවරණය ද, ඒ මත අතුරා ඇති පදම් කළ සම් ආවරණය ද, සම්මුඛ මණ්ඩපයේ දොරටුවේ කඩතුරාව ද,


ගේර්ෂොන්ගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් දෙකක් සහ ගොනුන් හතරදෙනෙකු ද


මළුවේ තිර ද මණ්ඩපයට සම්බන්ධ පූජාසනය වටේට වූ මළුවේ දොරට දැමූ තිරය ද මේවා සම්බන්ධ සියලු සේවාවන්ට අවශ්‍ය ලණු ද වේ.


එවිට මණ්ඩපය බාන ලදින්, ගේර්ෂොන්ගේ හා මෙරාරීගේ දරුපරපුර එය උසුලාගෙන පිටත් ව ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්