Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 35:8 - Sinhala New Revised Version 2018

8 ඉශ්රායෙල් ජනයාගේ උරුම කොටසින් නගර දෙන විට, වැඩියෙන් ඇති අයට වැඩියෙන් ද, අඩුවෙන් ඇති අයට අඩුවෙන් ද දිය යුතු ය. සෑම කෙනෙකු ම තම තමාට උරුම වන කොටසේ ප්‍රමාණය අනුව ලෙවීවරුන්ට නගර දිය යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඉශ්රායෙල් ජනයාගේ උරුම කොටසින් නගර දෙන විට, වැඩියෙන් ඇති අයට වැඩියෙන් ද, අඩුවෙන් ඇති අයට අඩුවෙන් ද දිය යුතු ය. සෑම කෙනෙකු ම තම තමාට උරුම වන කොටසේ ප්‍රමාණය අනුව ලෙවීවරුන්ට නගර දිය යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයෙන් නුවරවල් දිය යුතු වන්නේ වැඩියේ ඇති අයගෙන් වැඩියේත් ස්වල්පයක් ඇති අයගෙන් ස්වල්පයකුත්ය. එකිනෙකාට ලැබෙන තමාගේ උරුමය ලෙස තම තමාගේ නුවරවලින් ලෙවීවරුන්ට දිය යුතුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 35:8
11 හුවමාරු යොමු  

තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.


ගණනින් වැඩි අයට උරුමය වශයෙන් ලොකු කොටසක් ද, ගණනින් අඩු අයට කුඩා කොටසක් ද දිය යුතු ය. මෙලෙස ලියාපදිංචි කළ සංඛ්‍යා ප්‍රමාණයට අනුව ඔවුන්ට උරුමය බෙදා දිය යුතු වේ.


ඔවුන් එය මැන්න විට වැඩියෙන් රැස් කරගත් අයට වැඩියක් නො වී ය, අඬුවෙන් රැස් කරගත් අයට අඩුවක් ද නො වී ය. එකිනෙකා තම තමා කන ප්‍රමාණයට රැස් කරගෙන තිබිණි.


ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.


එහෙත් ලෙවීවරුන්ට නම්, ඔවුන්ගේ නගරවල පිහිටි නිවාස කැමැති වේලාවක මුදල් ගෙවා ආපසු හිමි කරගත හැක.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්