Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:53 - Sinhala New Revised Version 2018

53 නුඹලා දේශය උරුම කොටගෙන එහි පදිංචි විය යුතු ය. මන්ද, ස්වාමීන් වන මා එය නුඹලාට දුන් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

53 නුඹලා දේශය උරුම කොටගෙන එහි පදිංචි විය යුතු ය. මන්ද, ස්වාමීන් වන මා එය නුඹලාට දුන් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

53 දේශය හිමිකර ගෙන එහි වාසයකරන්න. මක්නිසාද හිමිකරගැනීමට දේශය මා විසින් නුඹලාට දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:53
16 හුවමාරු යොමු  

දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුළු වී එය අයිති කරගන්නා පිණිස ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වන්නහු ය. ඔබ ද එය අයිති කරගෙන එහි පදිංචි වන්නහු ය.


මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.


මහෝත්තමයාණෝ ජාති ජාතීන් හට රට රාජ්‍ය බෙදා දුන් විට, මිනිසුන් ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන විට, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගණනේ හැටියට, ඔවුන්ගේ සීමා නියම කළ සේක.


මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.


ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය. එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක.


“ ‘මේ ජාතීහු අපට වඩා බහුල ය. අප ඔවුන් පන්නා දමන්නේ කෙසේ දැ’යි ඔබට සිතෙන විට


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණ, එය අයිති කොට, එහි පදිංචි වූවායින් පසු, ‘මා අවට සිටින සියලු ජාතීන් මෙන්, මා කෙරෙහි රජෙකු පත් කරගනිමි’යි ඔබ කියන්නට පුළුවන.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ම ඔබ ඉදිරියෙන් ඔවුන් එළවාදමා ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නාදමනු ඇත. ඔබ හැම ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ හැටියට ඔවුන්ගේ දේශය හිමි කර ගනු ඇත.


එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.


“මම එකල ඔබට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැන්මට මෙරට දුන් සේක. එබැවින් සටනට යන භටයන් සන්නාහ සන්නද්ධ වී, සෙසු ඉශ්රායෙල් ජනයාට පෙරටුවෙන් යා යුතු ය.


ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්