Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:3 - Sinhala New Revised Version 2018

3 ඉශ්රායෙල් ජනතාව පළමු වන මාසයේ පසළොස් වන දින, පාස්කු දිනට පසු දින, මිසර වැසියන් බල බලා සිටිය දී මහා උදාර ලීලාවෙන් රාමෙසෙස් නම් නුවරින් පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඉශ්රායෙල් ජනතාව පළමු වන මාසයේ පසළොස් වන දින, පාස්කු දිනට පසු දින, මිසර වැසියන් බල බලා සිටිය දී මහා උදාර ලීලාවෙන් රාමෙසෙස් නම් නුවරින් පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔව්හු පළමුවෙනි මස පසළොස් වෙනි දින රාමෙසෙස්හි සිට පිටත්වුණෝය; එසේ ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාස්කුවට පසුවදා සියලු මිසරවරුන්ගේ ඇස් ඉදිරියෙහි එසෙවුවාවූ අතක් කරණකොටගෙන පිටතට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:3
10 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මිසරයේ රජු වන පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ජයාන්විත ව රටින් පලා යන ඉශ්රායෙල් ජනයා ලුහුබැඳ ගියේ ය.


ඔබ ආබිබ් නම් මාසයේ මේ දවසෙහි මිසරයෙන් නික්ම ආවහු ය.


ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ.


“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”


හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.


ඔවුන් පිටත් ව ගිය කල මිසර වැසියෝ සතුටු වූ හ. මන්ද, ඔව්හු ඉශ්රායෙල් සෙනඟට බියෙන් සිටියහ.


“මේ මාසය, හැම මාසවලට ම මුල් මාසය විය යුතු ය; අවුරුද්දේ පළමු වන මාසය ද විය යුතු ය.


ඉන්පසු ජෝසෙප් පාරාවෝගේ නියමය පරිදි තම පියා හා සහෝදරයන් පදිංචි කරවා, මිසර දේශයෙහි රාමෙසෙස් නම් පළාතෙන් හොඳ ම ඉඩකඩම් ඔවුන්ට උරුම කොට දුන්නේ ය.


එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා නගර ගොඩනැඟුවහු ය.


සමිඳාණන් වහන්සේ අණ දුන් පරිදි, මෝසෙස් ඔවුන් පිටත් වූ ස්ථාන අනුව ගමන් විස්තර සටහන් කෙළේ ය. පිටත් වූ ස්ථාන අනුව ඒවායේ විස්තර මෙසේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්