Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 32:14 - Sinhala New Revised Version 2018

14 බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 32:14
19 හුවමාරු යොමු  

එසේ කිරීමෙ‍න් ඔබගේ පියවරුන්ගේ ඒ ක්‍රියා ඔබ අනුමත කරන බව සහතික කරන්නාහු ය; ඔව්හු ඔවුන් මැරූ හ. ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩනඟන්නාහු ය.


“ ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.


නුඹලා කට අයා, දිව දික්කර, කවටකම් කරන්නේ කාට විරුද්ධ ව ද? නුඹලා කැරලිකාරකමේ දරුවන් ද වංචනික වංශයක් ද නොවන්නහු ද?


අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.


ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් ආපසු හැරී යමින් විශ්වාසය කඩ කළෝ ය. ඇද වුණු දුන්නක් මෙන් ඔවුන්ගේ විශ්වාසය වක් විය.


අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද? කිසිවෙකුට බැරි ය!


ඔබේ පියවරුන් මෙසේ කළ බැවින් අපේ දෙවියන් වහන්සේ මේ සියලු විපත්ති අප පිටත්, මේ නුවර පිටත් පැමිණෙවුවා නොවේ ද? එසේ වී නමුත්, ඔබ සබත් දවස කෙලෙසමින් ඉශ්රායෙල්වරුන් කෙරෙහි දේව උදහස වැඩිකරන්නහු ය”යි ඔවුන්ට කීවෙමි.


පූජක එස්රා නැඟිට සිට, ඔවුන්ට කතා කොට, “ඔබ හැම අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීමෙන් මහා ද්‍රෝහිකමක් කර ඉශ්රායෙල්වරුන්ගේ පාප තවත් වැඩි කර ඇත.


සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.


ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය.


ඔබ හැම උන් වහන්සේට අවනත නූණොත්, උන් වහන්සේ යළි මේ සෙනඟ සියල්ලන් පාළුකරයේ අත්හැරදමන සේක. ඔබ මොවුන් වනසාලන්නහු ය.”


මා ඔබ දැනගත් දා සිට ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.


ඔවුන්ට කතා කොට, “අල්ලාගෙන ආ තැනැත්තන් මෙහි නොගෙනා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අප කළ වරද හැර, අපේ පාප සහ අපේ අපරාධ වැඩි කරන්න ඔබ සිතන්නහු ය. අපේ අපරාධය බරපතල ය, දේව උදහස ද ඉශ්රායෙල් කෙරෙහි තිබේ ය”යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්