Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 31:50 - Sinhala New Revised Version 2018

50 එබැවින් සමිඳාණන් වහන්සේ අපේ පණ බේරා දුන් බැවින්, අපි සෑම කෙනෙකු ම ගත් ස්වර්ණාභරණ වන පාද මාලා ද වළලු ද මුදු ද කුණ්ඩලාභරණ ද මාල ද උන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 එබැවින් සමිඳාණන් වහන්සේ අපේ පණ බේරා දුන් බැවින්, අපි සෑම කෙනෙකු ම ගත් ස්වර්ණාභරණ වන පාද මාලා ද වළලු ද මුදු ද කුණ්ඩලාභරණ ද මාල ද උන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

50 එබැවින් ස්වාමීන්වහන්සේට පඬුරක් කොට එකිනෙකාට සම්බවී තිබෙන හැටියට ස්වර්ණාභරණ වන පාද මාලාද අත් වළලුද පේරැස් මුදුද කුණ්ඩලාභරණද මාලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපේ ප්‍රාණ උදෙසා සමඟිකමක් කරන පිණිස ගෙනාවෙමුයයි මෝසෙස්ට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:50
10 හුවමාරු යොමු  

“නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වසංගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය.


මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.


සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමාණන්ට මම කුමක් පුදම් ද?


සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමාණන්ට තුති පුදත් වා!


මන්ද, සත්ත්වයෙකුගේ ප්‍රාණය ඇත්තේ ලේවල ය. නුඹලාගේ පාපවලට, පූජාසනය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට මා නුඹලාට එය දී ඇත. පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන්නේ ලේ මඟිනි.


ස්ත්‍රීහු හා පුරුෂයෝ පැමිණියහ. දීමට කැමැති සෑම දෙනා ම, හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල සහ නන්වැදෑරුම් රත්රන් බඩු ගෙනාහ. මෙලෙස සියල්ලෝ ම සමිඳාණන් වහන්සේට කැප කළ රත්රන් බඩු රැගෙන පැමිණියහ.


ඔහුට කතා කොට, “ඔබේ සේවකයන් වන අපි අපේ බල ඇණිවල යුද්ධ භටයන් ගණන් කෙළෙමු. එක් කෙනෙක් වත් අඩු නැත.


එවිට මෝසෙස් සහ පූජක එලෙයාසර් රනින් කළ, ඒ සියලු ආභරණ ගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්