Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 30:13 - Sinhala New Revised Version 2018

13 විවාහක කාන්තාවක කරන බාර සහ යමකින් වැළකීමට දෙන පොරොන්දු වලංගු කිරීමට හෝ අවලංගු කිරීමට හෝ ඇගේ සැමියා හට බලය පැවරේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 විවාහක කාන්තාවක කරන බාර සහ යමකින් වැළකීමට දෙන පොරොන්දු වලංගු කිරීමට හෝ අවලංගු කිරීමට හෝ ඇගේ සැමියා හට බලය පැවරේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 සියලු බාරවල්ද ප්‍රාණයට දුක් විලාසයෙන් සිටීමට කරන සියලු දිවුරුම්ද ඇගේ පුරුෂයාට ස්ථිර කරන්ට හෝ අවලංගුකරන්ට හෝ පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 30:13
13 හුවමාරු යොමු  

ක්‍රිස්තුන් වහන්සේ පුරුෂයා කෙරෙහි ප්‍රධානියා බව ද, පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ප්‍රධානියා බව ද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ප්‍රධානියා බව ද මම ඔබට දන්වනු කැමැත්තෙමි.


පුරුෂයා මවන ලද්දේ ස්ත්‍රිය උදෙසා නොවේ. ස්ත්‍රිය මවන ලද්දේ පුරුෂයා උදෙසා ය.


නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන, ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය. උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද? එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද?


ඔවුන් රෝගාතුර වූ දවසේ දී මම ගෝණි රෙදි ඇන්දෙමි; උපවාසයේ සිටියෙමි; සිරස නමා යාදිනි පිදුවෙමි.


“එවිට අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප යටහත් පහත් වී, අපට සුබ ගමනක් සලසා දී, අප ද අපේ දරුදැරියන් ද අපේ සම්පත ද ආරක්ෂා කරන හැටියට උන් වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟ දී මම උපවාසයක් ප්‍රසිද්ධ කෙළෙමි.


“හත් වන මාසයේ දහ වන දින නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින උපවාස කර, කිසි වැඩක් නොකළ යුතු ය.


එදින නුඹලා උපවාසය රකින මහා සබත් දවසක් විය යුතු ය. නව වන දින සවස සිට පසු දින සවස දක්වා මේ සබත් දිනය නුඹලා පැවැත්විය යුතු ය.”


“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.


“පහත දක්වන නියෝගය නුඹලා කෙරෙහි සදහට ම වලංගු වේ: එනම්, හත් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ජනයා වන නුඹලා ද නුඹලා අතර වසන විදේශීන් ද උපවාසයෙහි යෙදෙමින්, බර වැඩ කිරීමෙන් වැළකිය යුතු ය.


යාච්ඤාවේ යෙදෙන පිණිස ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ ම කැමැත්තෙන් කලකට වෙන් වී සිටිනවා මිස, නැත්නම් වෙන් වී නොසිටිය යුතු ය. එසේ වුව ද ඔබගේ ආත්ම දමනය හීන වීමෙන්, සාතන්ගේ පෙළඹීම්වලට අසු නොවන පිණිස නැවත එක් වෙත් වා.


එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන ඇසූ යම් දිනක ඒවා අවලංගු කළොත්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ සැමියා ඒවා අවලංගු කළ බැවින්, සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.


එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන දවසින් දවස නිහඬ ව සිටී නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල වලංගු ය. ඔහු ඒවා ගැන ඇසූ දින සිට ම නිහඬ ව සිටින බැවින් ඔහු ඒවා අනුමත කෙළේ ය යි සැලකේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්