Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 3:6 - Sinhala New Revised Version 2018

6 “ලෙවීගේ ගෝත්‍රයට අයිති වූවන් කැඳවාගෙනවුත්, පූජක ආරොන්ට සේවය කරන පිණිස ඔවුන් පත් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “ලෙවීගේ ගෝත්‍රයට අයිති වූවන් කැඳවාගෙනවුත්, පූජක ආරොන්ට සේවය කරන පිණිස ඔවුන් පත් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ලෙවී ගෝත්‍රය පූජකයාවූ ආරොන්ට සේවයකරන පිණිස ඔවුන් ගෙන්වාගෙන ඔහු ඉදිරිපිට සිටවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:6
18 හුවමාරු යොමු  

එවිට දාවිත් කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නටත්, හැම කල්හි ම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නට ඔවුන්ට මිස වෙන කාට වත් යුතු නැතැ”යි කීවේ ය.


මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ පූප ද


සම්මුඛ මණ්ඩපයේ වත්පිළිවෙත් ද ශුද්ධස්ථානයේ වත්පිළිවෙත් ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් තම සහෝදරයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ වත්පිළිවෙත් ද බලාගැනීමත් ය.


එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය;


මාගේ පුත්‍රයෙනි, දැන් අලස ව නොසිටින්න. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නත්, උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නත්, උන් වහන්සේගේ සේවකයන් ව සුවඳ දුම් ඔප්පු කරන්නත් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”


මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ නියම කර තිබෙන ප්‍රකාරයට ඔව්හු තමන්ගේ පූජකයන් ඔවුන්ගේ කොට්ඨාශවල හැටියටත්, ලෙවීවරුන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියටත් ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස පත් කළෝ ය.


එවිට ලෙවීගේ පරම්පරාවේ පූජකයන් සමඟ මා කළ ගිවිසුම ස්ථිර ව පවතින පිණිස මා මේ ආඥාව නුඹලාට දුන් බව නුඹලා දැනගන්නහු ය.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.


“තවද, ඉශ්රායෙල් ජනයා මට පුදන සෑම දෙයින් ම දසයෙන් කොටස, මම උරුමයක් වශයෙන් ලෙවීගේ දරුපරපුරට දිනිමි. එය ඔවුන්ට දෙනුයේ, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් ඉටු කරන සේවාව සඳහා ය.


ඉන්පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ, කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙළට සෑම කෙනෙකු ම තම තමාගේ ගෝත්‍රික ධජය සමීපයෙන් ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ප්‍රකාර ඉශ්රායෙල් ජනයා අතර ලෙවීවරු ලියාපදිංචි නොකරන ලදහ.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,


එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්