Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 29:35 - Sinhala New Revised Version 2018

35 “අට වන දවසේ දී නමස්කාරය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 “අට වන දවසේ දී නමස්කාරය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 අටවෙනි දවසේ ගරුමය රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 29:35
8 හුවමාරු යොමු  

හත් දිනක් ම සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා ආහාර පූජාවක් ඔප්පු කළ යුතු ය. අට වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පවත්වා ගින්නෙහි දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. එදින ශුද්ධ නමස්කාරය සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන බැවින් කිසි බර වැඩක් නොකළ යුතු ය.


නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට සහ පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.


සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින, ගින්නෙන් දවා පිදූ දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව සඳහා එක ගොන් වස්සෙකු ද එක බැටළු වස්සෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙකු ද ගත යුතු ය.


තවද, පළමු වන දා පටන් අන්තිම දවස දක්වා එස්රා දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙවුවේ ය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝ ය. අට වන දා නියමය ලෙස, ගරුගාම්භීර මංගල රැස්වීමක් පවත්වනු ලැබී ය.


“හත් වන මාසයේ පළමු වන දින නුඹලා නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. එදින, හොරණෑ පිඹීමේ දවසකි.


“හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේගේ ගෞරවයට දින හතක් ම මංගල්‍යය පැවැත්විය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්