Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 26:62 - Sinhala New Revised Version 2018

62 මාසයක් සහ ඊට වඩා වයසැති, ලියාපදිංචි කළ මුළු පිරිමින්ගේ ගණන විසිතුන්දාහකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම කොට යමක් නුදුන් බැවින්, මොවුහු ඉශ්රායෙල් ජනයාගේ සංගණනයට ඇතුළත් නොකරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

62 මාසයක් සහ ඊට වඩා වයසැති, ලියාපදිංචි කළ මුළු පිරිමින්ගේ ගණන විසිතුන්දාහකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම කොට යමක් නුදුන් බැවින්, මොවුහු ඉශ්රායෙල් ජනයාගේ සංගණනයට ඇතුළත් නොකරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

62 ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමි වන විසිතුන්දාහක්ය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ කිසි උරුමයක් ඔවුන්ට නුදුන් බැවින් ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:62
14 හුවමාරු යොමු  

එබැවින් ලෙවීගේ ගෝත්‍රයේ ජනයාට ඔහුගේ සොහොයුරන්ගේ ගෝත්‍රවල අයට මෙන් රටින් කොටසක් උරුම වී නැත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔවුන්ගේ උරුම කොටස සමිඳාණන් වහන්සේ ම වන සේක.


මෙලෙස සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද, ලෙවීවරුන්ගේ පවුල්වලට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින්ගේ මුළු ගණන විසි දෙදහසක් විය.


“නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන්, ලෙවීගේ ගෝත්‍රයේ අය පමණක් ලියාපදිංචි නොකළ යුතු ය; ඔවුන්ගේ සංගණනය නොගත යුතු ය.


ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් ජොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුමය දී තිබිණි. එහෙත්, ලෙවීවරුන්ට ඔවුන් අතරේ උරුමයක් නොදුන්නේ ය.


මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ උරුමය වූ සේක.


මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජා ඔවුන්ගේ උරුමය විය.


මේ සියල්ලන්ගේ මුළු එකතුව අටදාස් පන්සිය අසූවක් විය.


ගේර්ෂොන්ගේ දරුපරපුරට පැවරෙන සේවාව සහ වගකීම්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ඔවුන්ට භාර දෙන ලෙස ඉටු විය යුතු ය. එබැවින් නුඹ ද ඔවුන්ට ඔවුන්ගේ වගකීම පැවරිය යුතු වේ.


එහෙත්, මොවුන් සමඟ ලෙවීවරු තමන්ගේ පෙළපත් අනුව ලේඛනගත නොකරන ලදහ.


මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්