Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 24:1 - Sinhala New Revised Version 2018

1 ඉශ්රායෙල්වරුන්ට ආශීර්වාද කිරීමට සමිඳාණන් වහන්සේ කැමැති බව බාලාම් දැනගත් විට, ඔහු කලින් කළාක් මෙන්, සුබ ලකුණු බැලීමට නොගොස් පාළුකරය දෙසට හැරුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඉශ්රායෙල්වරුන්ට ආශීර්වාද කිරීමට සමිඳාණන් වහන්සේ කැමැති බව බාලාම් දැනගත් විට, ඔහු කලින් කළාක් මෙන්, සුබ ලකුණු බැලීමට නොගොස් පාළුකරය දෙසට හැරුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 එවිට ඉශ්‍රායෙල්ට ආශීර්වාදකිරීමට ස්වාමීන්වහන්සේ ප්‍රසන්න බව බාලාම් දුටු කල වෙන වතාවල මෙන් මායම් කරන්ට නොගොස් තමාගේ මුහුණ කාන්තාරය දෙසට හරවා ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 24:1
13 හුවමාරු යොමු  

ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත.


ඉන්පසු බාලාම්, බාලාක් අමතමින්, “ඔබ ඔබේ දවන යාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සමිඳාණන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන් වහන්සේ මට යමක් වදාරන සේක් ද, මම එය ඔබට දන්වන්නෙමි”යි පැවසී ය. මෙසේ පවසා, ඔහු ගිරිකුළකට නැංගේ ය.


එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය.


බලන්න, පේයොර් නම් ස්ථානයේ දී, බාලාම්ගේ උපදෙස් පිට ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධ කෙළේ මොවුන් නිසා ය. සමිඳාණන් වහන්සේගේ ජනතාව අතර වංසගතයක් පැතිර ගියේත් ඒ නිසා ම ය.


මෙසේ කියා, ඔහු කාන්තාරය ඉදිරිපිට වූ පෙයොර් නම් කඳු මුදුනට බාලාම් ගෙනාවේ ය.


බලන්න, මට පැවරුයේ ආසිරි පැතුමකි. උන් වහන්සේ පැතූ ආසිරි මට ආපසු නොගත හැකි ය.


ඉන්පසු බාලාම් බාලාක්ට කතා කොට, “ඔබේ දවන යාග පූජාව ළඟ ඔබ සිටින්න. මම අතනට ගොස් සමිඳාණන් වහන්සේ හමුවෙමි”යි කී ය.


බාලාම් උදෑසන නැඟිට බාලාක්ගේ ප්‍රජා මූලිකයන් අමතා, “ඔබේ රටට ආපසු යන්න, ඔබ සමඟ මට යන්නට සමිඳාණන් වහන්සේ අවසර නොදෙන සේකැ”යි කී ය.


එවිට සාවුල් කතා කොට, “දාවිත්, මාගේ පුත්‍රය, ඔබට ආශීර්වාද වේ වා! ඔබ ඉමහත් දේ කරන්නෙහි ය; ඒකාන්තයෙන් ම ජය ගන්නෙහි ය”යි දාවිත්ට කී ය. ඉන්පසු දාවිත් යන්නට ගියේ ය; සාවුල් ද සිය නිවෙසට හැරී ගියේ ය.


එවිට සාවුල් පිටත් වී, ඉශ්රායෙල් දේශයෙන් තෝරාගත් තුන්දහසක් පිරිවරා ශිප් පාළුකරයෙහි දාවිත් සොයන පිණිස එතැනට ගියේ ය.


සැබැවින් ම ඔබ රජ වන බවත්, ඉශ්රායෙල්වරුන්ගේ රාජාධිපත්‍යය ඔබ අතේ ස්ථිර ව පවතින බවත් මම දනිමි.


එවිට මෝවබ්හි සහ මිදියන්හි ප්‍රජා මූලිකයෝ පේන කීමට ගෙවිය යුතු මුදල් රැගෙන, බාලාම් වෙත ගොස් බාලාක්ගේ පණිවුඩය සැළ කළහ.


බාලාම් කී පරිදි බාලාක් කළ පසු, ඔහු එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්