Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 19:20 - Sinhala New Revised Version 2018

20 “ ‘අපවිත්‍ර යමෙක් තමා ම පවිත්‍ර කර නොගනී නම්, එවැන්නෙක් ජනතාව වෙතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය කෙලෙසූ බැවිනි. අපවිත්‍ර වීම පහකරන ජලය ඔහුට ඉස නැත. ඔහු අපවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 “ ‘අපවිත්‍ර යමෙක් තමා ම පවිත්‍ර කර නොගනී නම්, එවැන්නෙක් ජනතාව වෙතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය කෙලෙසූ බැවිනි. අපවිත්‍ර වීම පහකරන ජලය ඔහුට ඉස නැත. ඔහු අපවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එහෙත් යමෙක් අපවිත්‍රවී තමාගේ දෝෂ පහකරනොගත්තොත්, ඒ තැනැත්තා ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය දූෂණයකළ බැවින්, සභා මධ්‍යයෙන් සිඳිනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු පිට නොඉසිනලද්දේය; ඔහු අපවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 19:20
13 හුවමාරු යොමු  

අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය.


යමෙක් යමෙකුගේ මෘත ශරීරයක් ස්පර්ශ කොට තමා පවිත්‍ර කර නොගනී නම්, ඒ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ කූඩාරම කෙලෙසනු ඇත. එවැන්නෙකු ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදැමිය යුතු ය. පවිත්‍ර වීමේ ජලය ඔහුට නොඉස්ස බැවින්, ඔහු අපවිත්‍ර ය. අපවිත්‍රතාව ඔහුට තිබේ ය යි සැලකෙනු ඇත.


ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.”


නපුරුකම් කරන්නා, නපුරුකම් කරමින් ද, අපිරිසිදුකම් කරන්නා, අපිරිසිදුකම් කරමින් ද සිටී වා! දමිටු තැනැත්තා දමිටු ක්‍රියා කරමින් ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්ත කමෙහි පවතිමින් ද සිටී වා!”යි කී ය.


එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන, උන් වහන්සේ සමඟ සාමදානයෙන් සිටින්න.


‘ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම්, එවැන්නෙකු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.


“මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර ඇති මාගේ මණ්ඩපය ඔවුන් කෙලෙසා, ඔවුන්ගේ අපවිත්‍රකම් නිසා ඔවුන් නොමැරෙන පිණිස, නුඹ ඔවුන්ට මේ අපවිත්‍රකම් ගැන උපදෙස් දිය යුතු ය.


ඔහු ඇඳුම් සෝදාගෙන ජලස්නානය නොකළොත්, තමාගේ වරද ගැන වගකිව යුතු ය.’ ”


යමෙක් ඊට සමාන අන් සංයෝගයක් සාදන්නේ ද යමෙක් ඉන් මඳක් පූජකයෙකු නොවන්නකු මත දමන්නේ ද ඔහු තම සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය’ කියා අණ කරන්න.”


“ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.


එහෙත්, පවිත්‍ර කෙනෙක් හෝ දුර ගමනක් නොගිය යම් මිනිසෙක් හෝ පාස්කුව නොපවත්වන්නේ නම්, ඔහු නියම කාලයේ දී සමිඳාණන් වහන්සේට තම පඬුර නොගෙනා බැවින්, එවැන්නකු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඔහු තම පාපය ගැන ද වගකිව යුතු වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්