Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 19:19 - Sinhala New Revised Version 2018

19 තුන් වන හා හත් වන දින පවිත්‍ර තැනැත්තා අපවිත්‍ර තැනැත්තාට මෙසේ දිය ඉසිය යුතු ය. හත් වන දින, ඔහු තමා ම පවිත්‍ර කරගනිමින් නාගෙන, ඇඳුම් සෝදාගත් විට, ඒ දින සවස පවිත්‍ර යයි සැලකෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 තුන් වන හා හත් වන දින පවිත්‍ර තැනැත්තා අපවිත්‍ර තැනැත්තාට මෙසේ දිය ඉසිය යුතු ය. හත් වන දින, ඔහු තමා ම පවිත්‍ර කරගනිමින් නාගෙන, ඇඳුම් සෝදාගත් විට, ඒ දින සවස පවිත්‍ර යයි සැලකෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එසේ පවිත්‍ර තැනැත්තේ තුන්වෙනි දාත් සත්වෙනි දාත් අපවිත්‍ර තැනැත්තාට වතුර ඉසීවා. එසේ සත්වෙනි දින හෙතෙම ඔහුගේ දෝෂ පහකරාවා; ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගන සවස පවිත්‍ර වන්නේය

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 19:19
18 හුවමාරු යොමු  

එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.


එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.


නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”


ඔහු තුන් වන දින හා සත් වන දින පවිත්‍ර වීමේ ජලයෙන් තමා පවිත්‍ර කරගත් විට ඔහු පවිත්‍ර වනු ඇත. එහෙත්, තුන් වන දින තමා පවිත්‍ර නොවුවොත් සත් වන දින ඔහු පවිත්‍ර ය යි නොසැලකේ.


හත් වන දින දී ඔහු නැවත තම හිස මුඩු කොට, රැවුල බාගෙන ඇස් බැමි ද බූගාගෙන තම වස්ත්‍ර ද සෝදා ස්නානය කළ යුතු ය. එවිට ඔහු පවිත්‍ර වනු ඇත.


සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.


සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.


තවද, යමෙකු මැරූ අය ද මැරුම්කෑ කෙනෙකු ස්පර්ශ කළ අය ද හත් දිනක් කඳවුරෙන් බැහැර සිටිය යුතු ය. තුන් වන දින සහ සත් වන දින ඔබ ද සිරකරුවන් ද පවිත්‍ර විය යුතු ය.


දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,


යමෙක් යමෙකුගේ මෘත ශරීරයක් ස්පර්ශ කොට තමා පවිත්‍ර කර නොගනී නම්, ඒ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ කූඩාරම කෙලෙසනු ඇත. එවැන්නෙකු ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදැමිය යුතු ය. පවිත්‍ර වීමේ ජලය ඔහුට නොඉස්ස බැවින්, ඔහු අපවිත්‍ර ය. අපවිත්‍රතාව ඔහුට තිබේ ය යි සැලකෙනු ඇත.


ඉන්පසු පවිත්‍ර යයි සැලකෙන යමෙකු, හිසොප් කිනිත්තක් ගෙන, වතුරේ පොඟවා කූඩාරමට ද එහි බඳුන් සියල්ලට ද එහි සිටි සියල්ලන්ට ද ඇටකටුවක් හෝ මරණ ලද කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළ තැනැත්තාට ද ඉසිය යුතු ය.


ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.


හත් වන දින ඔබේ ඇඳුම් සෝදාගත් පසු ඔබ පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔබට කඳවුරට ඇතුළු විය හැකි ය’යි” කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්