Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 16:9 - Sinhala New Revised Version 2018

9 සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයේ සේවය කරමින් තමන් වහන්සේ ළඟට ඔබ හැම ළඟා කරගැනීමටත්, පූජකයන් වශයෙන් කටයුතු කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මුළු ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔබ හැම වෙන් කොට ගැනීම ඔබ සුළු කොට සලකන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයේ සේවය කරමින් තමන් වහන්සේ ළඟට ඔබ හැම ළඟා කරගැනීමටත්, පූජකයන් වශයෙන් කටයුතු කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මුළු ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔබ හැම වෙන් කොට ගැනීම ඔබ සුළු කොට සලකන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයේ මෙහෙය කිරීමටත් සභාවට සේවයකරන පිණිස ඔවුන් ඉදිරියෙහි සිටීමටත් නුඹලා තමන්වහන්සේ ළඟට පමුණුවන ලෙස ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් සභාවෙන් නුඹලා වෙන්කරගත් එකත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:9
20 හුවමාරු යොමු  

ඈ රාකෙල්ට උත්තර දෙමින්, “ඔබ මාගේ සැමියා පාවාගත්තා මදි ද? දැන් මා පුතුන්ගේ දුදායිම් පැළ ටිකත් පැහැරගන්න ද යන්නේ” කියා කීවා ය. එවිට රාකෙල් ද, “හොඳයි, එසේ නම් ඔබ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන්නොත් අද රාත්‍රියේ මාගේ සැමියා සමඟ ඔබට සැතපෙන්නට පුළුවනැ”යි කීවා ය.


එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත.


සියලු ඉශ්රායෙල්වරුන්ට ඉගැන්නුවා වූ ද සමිඳාණන් වහන්සේ උදෙසා ශුද්ධ ව සිටියා වූ ද ලෙවීවරුන්ට ඔහු කතා කොට, “ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ පුත් සලමොන් විසින් සාදන ලද මාලිගාවෙහි ශුද්ධ ගිවිසුම් කරඬුව තබන්න. ඔබේ කර පිට තවත් බරක් නැත. දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සේවය කරන්නටත්,


ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.


එයට යෙසායා මෙසේ පිළිතුරු දුන්නේ ය: “එම්බා දාවිත්ගේ වංශය, දැන් සවන් දෙන්න; නුඹලා මාගේ දෙවියන් වහන්සේගේ ඉවසීම වෙහෙසන්නේ, නුඹලා මනුෂ්‍යයන්ගේ ඉවසීම වෙහෙසනවා මදිවාට ද?


නුඹලාගෙන් සමහරු හොඳ තණ කෑමෙන් සෑහීමට පත් නොවනු පමණක් නොව, ඉතිරි හොඳ තණ පවා පාගාදමන්නෝ ය; නුඹලා පිරිසිදු වතුර බොනවා පමණක් නොව හොඳ වතුර පාගා මඩ කරන්නහු ය.


ඔවුන්ට නම්, මාගේ ශුද්ධස්ථානයට ඇතුල් වන්නත්, මට සේවය කිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්නත්, මාගේ සේවය පවත්වන්නත් අවසර ඇත.


ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”


මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?


මෝසෙස් තවදුරට කෝරාට කතා කරමින්, “ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ සැම කරුණාකර මට සවන් දෙන්න.


“ලෙවීගේ ගෝත්‍රයට අයිති වූවන් කැඳවාගෙනවුත්, පූජක ආරොන්ට සේවය කරන පිණිස ඔවුන් පත් කරන්න.


නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත.


ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, “මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක.


එහෙත් ඔබ විසින් හෝ මනුෂ්‍ය අධිකරණයකින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මා සලකන්නේ ඉතා සුළු දෙයක් ලෙස ය. තවද, මම මා ම විනිශ්චය කර නොගනිමි.


එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක.


සාවුල්ගේ සේවකයෝ එපවත් දාවිත්ට සැළ කළහ. දාවිත් පිළිතුරු දෙමින්, “මම නම් වැදගැම්මක් නැති දිළිඳු කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑණා වීම සුළුපටු දෙයක් නොවන බව ඔබට පෙනෙනු ඇතැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්