Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 16:47 - Sinhala New Revised Version 2018

47 ආරොන් මෝසෙස් අණ කළ පරිදි ධූම පාත්‍රය රැගෙන ජනතාව මැදට ගියේ ය. සෙනඟ අතර වසංගතය පැතිරී යන බව දුටු විට, ඔහු සුවඳ ද්‍රව්‍ය ධූම පාත්‍රයට දමා සෙනඟ උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 ආරොන් මෝසෙස් අණ කළ පරිදි ධූම පාත්‍රය රැගෙන ජනතාව මැදට ගියේ ය. සෙනඟ අතර වසංගතය පැතිරී යන බව දුටු විට, ඔහු සුවඳ ද්‍රව්‍ය ධූම පාත්‍රයට දමා සෙනඟ උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 ආරොන් මෝසෙස් කී ලෙස රැගෙන සභාව මැදට දිවීය; බලව, සෙනඟ අතරෙහි වසංගතය පටන්ගෙන තිබුණේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ලා සෙනඟ උදෙසා සමඟිකමක් කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:47
9 හුවමාරු යොමු  

මෙසේ ඔව්හු තමන්ගේ ක්‍රියාවලින් එතුමාණන් කුපිත කළහ. ඒ නිසා වසංගතයක් ඔවුන් අතරට පැමිණියේ ය.


මෝසෙස් ආරොන්ට කතා කොට, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, කඩිනමින් සෙනඟ අතරට ගොස්, ඔවුන් උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරන්න. සමිඳාණන් වහන්සේ රොස් වී සිටින සේක. වසංගතයක් බෝවේගෙන එන්නේ ය”යි පැවසී ය.


මෙසේ මළවුන් හා ජීවතුන් මැද ඔහු සිටගත් කල වසංගතය නැවතිණි.


සදාතන පූජකවරයේ ගිවිසුමක් වශයෙන් එය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් හිමි වනු ඇත. මා එසේ කෙළේ ඔහු තම දෙවියන් වහන්සේට ලැදි ව, ඉශ්රායෙල් ජනයාට පව් කමාව සැලැසූ හෙයිනි”යි වදාළ සේක.


එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.


නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්