Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:31 - Sinhala New Revised Version 2018

31 මේ වචන සියල්ල පවසා නිම වූ විගස, ඔවුන් සිටගෙන උන් තැන පැළිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 මේ වචන සියල්ල පවසා නිම වූ විගස, ඔවුන් සිටගෙන උන් තැන පැළිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 තවද ඔහු මේ සියලු වචන කියා නිමවූ විට ඔවුන් යට තිබුණු භූමිය දෙකට පැළුණාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:31
9 හුවමාරු යොමු  

රූබන්ගේ පුත් එලියාබ්ගේ පුත්‍රයා වන දාතාන්ට සහ අබිරාම්ට කළ දේ ද, මුළු ඉශ්රායෙල් ජනයා මැද පොළොව විවර වී ඔවුන් ද ඔවුන්ගේ ගෙවැසියන් ද කූඩාරම් ද ඔවුන් සතු සියලු සම්පත ද ගිලගත් ආකාරය ද නුදුටුවහු ය.


“අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ.


අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.


එහෙත්, උන් වහන්සේ අමුතු දෙයක් කරමින්, භූමියේ කට අයා ඔවුන් ද ඔවුන් සතු සියල්ල ද ගිලගෙන පාතාලයට ඔවුන් පණපිටින් වැටෙන්නට සැලැස්සුවොත්, මේ මිනිසුන් උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බව නුඹලා දැනගත යුතු ය”යි කීවේ ය.


භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය.


මෝසෙස්ට අභියෝග කරමින්, “සමිඳාණන් වහන්සේ ඉදිරිපිට අපේ සොහොයුරන් නැසුණු විට අපිත් නැසුණෙමු නම් කෙතරම් හොඳ ද?


පොළොව දෙදරා, සිඳී, බිඳී යන්නේ ය; පොළොව පැළී යන්නේ ය; පොළොව කම්පා වෙමින් චලනය වන්නේ ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්