Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:27 - Sinhala New Revised Version 2018

27 එවිට ඔව්හු කෝරා, දාතාන් සහ අබිරාම් යන අයගේ කූඩාරම්වලින් අහකට ගියහ. දාතාන් සහ අබිරාම් පිටතට අවුත්, තමන්ගේ භාර්යාවන්, පුත්‍රයන් සහ සිඟිත්තන් සමඟ තම කූඩාරම්වල දොරකඩ සිටගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එවිට ඔව්හු කෝරා, දාතාන් සහ අබිරාම් යන අයගේ කූඩාරම්වලින් අහකට ගියහ. දාතාන් සහ අබිරාම් පිටතට අවුත්, තමන්ගේ භාර්යාවන්, පුත්‍රයන් සහ සිඟිත්තන් සමඟ තම කූඩාරම්වල දොරකඩ සිටගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 එසේ ඔව්හු හැම අතින්ම කෝරාගේද දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව ගියෝය. දාතාන්ද අබීරාම්ද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ ළාබාලයෝද පිටතට අවුත් තමුන්ගේ කූඩාරම් දොරකඩ ළඟ සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:27
9 හුවමාරු යොමු  

ජෙරුසලමේ සිටින, එහි සෙනඟ පාලනය කරන අහංකාර මනුෂ්‍යයෙනි, සමිඳුන් වදාරන වචනයට සවන් දෙන්න.


විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.


විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.


දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය; සර්ව බලධාරී ය. එතුමන්ට එරෙහි ව කිසිවෙකුට ජයගත හැකි වේ ද?


ලෙවීගේ පුත්‍රයා කොහාත් ය; ඔහුගේ පුත්‍රයා ඉශ්හාර් ය. ඔහුගේ පුත්‍රයා වන කෝරා ද රූබන්වරුන්ගේ පුත්‍රයන් වන එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් ද පෙලෙත්ගේ පුත් ඕන් ද


එහෙත්, කෝරාගේ දරුපරපුර නොමළෝ ය.


තවද, මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල, සියල්ලෝ ම නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්