ගණන් කථාව 15:24 - Sinhala New Revised Version 201824 එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 එය සභාවේ දැනගැන්ම නැතුව වැරදිල්ලකින් කරන ලද්දේනම්, මුළු සභාව ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස, දවන පූජාවක් පිණිස, එක තරුණ ගොනෙක්ද නියමයේ හැටියට උගේ ආහාර පූජාවද පාන පූජාවද පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරාවා. පරිච්ඡේදය බලන්න |
ඒ අවස්ථාවේ දී, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට දවන යාග පූජා පිණිස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා ගොනුන් දොළොස්දෙනෙකු ද බැටළුවන් අනූහයදෙනෙකු ද බැටළු පැටවුන් හැත්තෑහත්දෙනෙකු ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස්දෙනෙකු ද ඔප්පු කළෝ ය. ඒ සියල්ල සමිඳාණන් වහන්සේට ඔප්පු කළ මහා දවන පූජාවක් විය.