Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 14:19 - Sinhala New Revised Version 2018

19 එබැවින්, කරුණාකර, ඔබ වහන්සේගේ ඉමහත් දයාව පෑම අනුව, මොවුන් මිසරයෙන් පැමිණි දින සිට අද දක්වා කමා කළ ලෙස, මේ සෙනඟට කමා කරනු මැනවැ”යි අයැදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එබැවින්, කරුණාකර, ඔබ වහන්සේගේ ඉමහත් දයාව පෑම අනුව, මොවුන් මිසරයෙන් පැමිණි දින සිට අද දක්වා කමා කළ ලෙස, මේ සෙනඟට කමා කරනු මැනවැ”යි අයැදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 14:19
23 හුවමාරු යොමු  

ඉන්පසු ඔහු කතා කොට, “සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි. මේ සෙනඟ නම් මුරණ්ඩු ය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ ම උරුමය වශයෙන් ගත මැනව”යි කී ය.


එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.


ඔවුන් සමඟ කළ ගිවිසුම සිහි කළ සේක; තමන්ගේ මහා කරුණාව නිසා ඔවුන්ට අනුකම්පා කළ සේක.


දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.


එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාවෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව් කර තිබේ නම්, ඒ පව් ඔහුට කමා කරනු ලැබේ.


සමිඳුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා, ඔවුන්ගේ පව් පහකරන, ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිත් ද? එතුමාණෝ උදහස සදහට ම තබා නොගන්න සේක. මන්ද, එතුමාණෝ තිරසර පෙම ප්‍රිය කරන සේක.


ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.


දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.


දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.


ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.


උන් වහන්සේ ද මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ ඉල්ලන මේ දේ ද මම ඉටු කරමි. මන්ද, මා ඉදිරියෙහි නුඹ අනුග්‍රහය ලැබුවෙහි ය. මම නුඹ හොඳින් හඳුනමි”යි වදාළ සේක.


ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.


ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක; ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක.


සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.


ඒ පළඟැටියන් දේශයේ ඇතිතාක් සියලු පලා වර්ග කාදමනු මම දිටිමි. එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ සෙනඟට කමා වුව මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි.


එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, නතර කළ මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්