Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 13:33 - Sinhala New Revised Version 2018

33 එහි දී, යෝධයන්ට නෑකම් කියන අනාක්ගෙන් පැවතෙන යෝධ පරපුරක් අපි දුටිමු. ඔවුන් ඉදිරියෙහි අප පළඟැටියන් මෙන් අපට ම පෙනුණේ ය. අප ද ඔවුන්ටත් එලෙස ම පෙනෙන්නට ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 එහි දී, යෝධයන්ට නෑකම් කියන අනාක්ගෙන් පැවතෙන යෝධ පරපුරක් අපි දුටිමු. ඔවුන් ඉදිරියෙහි අප පළඟැටියන් මෙන් අපට ම පෙනුණේ ය. අප ද ඔවුන්ටත් එලෙස ම පෙනෙන්නට ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:33
17 හුවමාරු යොමු  

අප එහි යා යුත්තේ මන් ද? එහි ගිය අය, ඒ සෙනඟ අපට වඩා උස මහත සෙනඟක් බව ද, ඔවුන්ගේ විශාල නගරවල ප්‍රාකාර අහස දක්වා විහිදෙන බව ද, එහි දී අනාක්වරුන්ගේ පුතුන් වන යෝධයන් දුටු බව ද කියමින් අපේ සිත් අධෛර්යයට පත් කළ හ’යි කීවහු ය.


ලෝකය මැවුයේ, පොළොවෙන් ඉහළ අහසින් එපිට සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ය. එතුමන්ට ලෝ වැසියන් පෙනෙන්නේ කුරා කුහුඹුවන් සේ ය. මිහිමත වාසය කරන පිණිස එතුමාණෝ අහස ඇතිරිල්ලක් මෙන් විහිදුවා, කූඩාරමක් මෙන් දිගහැර දුන් සේක.


ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.


පිලිස්තියයා දාවිත් දුටු විට ඔහුට ගැරහුම් කෙළේ ය. මන්ද, ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද ඇති තරුණයෙකු වූ බැවිනි.


ඒවායේ ඇත්තේ, අනාක්වරුන්ගේ පෙළපතට අයිති ගණනින් විශාල සෙනඟකි. ඔව්හු ඉතා උස මහත මිනිස්සු ය. ඔවුන් ගැන ඔබ දන්නහු ය. ‘අනාක්ගේ සෙනඟට විරුද්ධ ව නැඟිට සිටින්නට හැක්කේ කාට දැ’යි යන කීම ද ඔබ අසා ඇත.


“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”


ඔහු මීටර් දෙකක් පමණ උස තරබාරු මනුෂ්‍යයෙකු වූ මිසර ජාතිකයෙකුත් මැරී ය. මිසරයාගේ අතේ වියන යන්ත්‍රයක දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේ ය. ඔහු පොල්ලක් ඇති ව මිසර ජාතිකයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමුවේ ය.


“අනාක්වරුන් හා සමාන, බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වන ඒමිවරු පෙර කාලයේ දී එහි විසූ හ.


ඉන්පසු ඔව්හු දකුණට ගොස් හෙබ්‍රොන් නම් ස්ථානයට පැමිණියහ. එහි අනාක්ගේ පරම්පරාවන් වූ අහීමන්, ෂේෂයි සහ තල්මයි යන අයගේ ගෝත්‍රිකයෝ සිටියහ. තවද, හෙබ්‍රොන් නුවර ගොඩනඟන ලද්දේ මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙනි.


එහෙත්, ඒ දේශවාසීහු බලසම්පන්න ය. ඔවුන්ගේ නගර පවුරුවලින් වට කොට ඇත; ඒවා අති විශාල ය; ඇරත් අපි එහි දී අනාක්ගේ දරුමුණුබුරන් ද දුටිමු,


එදින රාත්‍රියේ මුළු සෙනඟ ම ශබ්ද නඟා කෑගසමින් හඬන්නට වූ හ.


ඒ කාලයෙහි ජෝෂුවා අවුත් කඳු රටින් ද හෙබ්‍රොන් කෙරෙන් ද දෙබීර් කෙරෙන් ද අනාබ් කෙරෙන් ද මුළු ජුදා කඳු රටෙන් ද මුළු ඉශ්රායෙල් කඳු රටෙන් ද ආනාක් නම් යෝධයන් නැතිකර දැමුවේ ය. ජෝෂුවා ඔවුන්ගේ නගර සමඟ ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවේ ය.


සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී සඳහන් කළ මේ කඳුකර පළාත මට දුන මැනවි. එහි අනාක්වරුන් සිටින බව ද පවුරු ඇති මහ නගර තිබෙන බව ද ඔබට ඒ දවසේ දී අපි කීවෙමු. සමිඳාණන් වහන්සේ වදාළ පරිදි සමහර විට උන් වහන්සේ මා සමඟ සිටිනු ඇත. එවිට මම ඔවුන් පන්නාදමමි.


කාලෙබ්, අනාක්ගෙන් පැවත ආ ෂේෂයි ද අහීමාන් ද තල්මයි ද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතැනින් පන්නා දැමුවේ ය.


ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ඒ මිනිසා දුටු විට බොහෝ සෙයින් බිය වී ඔහු ඉදිරියෙන් පලා ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්