Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 13:3 - Sinhala New Revised Version 2018

3 ඔහු ද සමිඳාණන් වහන්සේගේ අණට කීකරු ව පාරාන් නම් පාළුකරයෙන් ඔවුන් යැවී ය. ඒ සියල්ලෝ ඉශ්රායෙල් ජනයා අතර මූලිකයෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔහු ද සමිඳාණන් වහන්සේගේ අණට කීකරු ව පාරාන් නම් පාළුකරයෙන් ඔවුන් යැවී ය. ඒ සියල්ලෝ ඉශ්රායෙල් ජනයා අතර මූලිකයෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මෝසෙස් ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස පාරාන් කාන්තාරයේ සිට ඔවුන් යැවුවේය. ඔවුන් සියල්ලෝම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ප්‍රධානියෝව සිටි මනුෂ්‍යයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:3
11 හුවමාරු යොමු  

එවිට ඉශ්රායෙල් ජනයා සීනයි පාළුකරයෙන් නික්ම යන්නට පිටත් වූ හ. වලාකුළ පාරාන් නම් පාළුකරයේ රැඳී නැවතිණි.


ඉන්පසු සෙනඟ හශේරොත් නම් ස්ථානයෙන් නික්ම ගොස් පාරාන් නම් පාළුකරයේ කඳවුරු බැඳගත්හ.


“මා ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන කානාන් දේශයට චරපුරුෂයන් යවන්න. නුඹලාගේ පිය ගෝත්‍ර සෑම එකකින් ම එක්කෙනා බැගින් ඔවුන් අතර මූලිකයන් වන අය යවන්නැ”යි වදාළ සේක.


පාරාන් පාළුකරයේ කාදෙෂ් නම් ස්ථානයේ සිටි මෝසෙස්, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව වෙත ඔව්හු පැමිණ, ඔවුන් සියල්ලන්ට රටේ යථා තත්ත්වය වාර්තා කර, තමන් ඒ රටින් ගෙනා පලතුරු පෙන්වූ හ.


මොවුන්ගේ නාමාවලිය මෙසේ ය: රූබන්ගේ ගෝත්‍රයෙන් සක්කුර්ගේ පුත් ෂම්මුවා ය.


රට බැලීමට මා ඔබ හැමගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔවුන් කෙළේත් එයම යි.


“නුඹලා අතර දේශය බෙදා දීම ගැන වගකිවයුතු අය නම්, පූජක එලෙයාසර් සහ නූන්ගේ පුත් ජෝෂුවා ය.


“සමිඳාණන් වහන්සේ අපට වදාළ ලෙස අපි ඉටු කෙළෙමු. අපි හොරෙබ් කන්දෙන් නික්ම අමෝරිවරුන්ගේ කඳුකරයට යන මඟ ඔබ දුටු මහා, රුදුරු පාළුකරය ඔස්සේ ගොස් කාදෙෂ්-බර්නේය නම් ස්ථානයට පැමිණියෙමු.


මම ද ඊට මුළු හිතින් එකඟ වූයෙමි. එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් මිනිසුන් දොළොස්දෙනෙකු තෝරාගතිමි.


සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් ඔබ යවමින්, ‘මා නුඹට දුන් දේශයට ඇතුල් වී, එය අයිති කරගත යුතු ය’ කියා කී විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව ඔබ කැරලි ගසා, උන් වහන්සේ අවිශ්වාස කොට, උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නහු ය.


සාමුවෙල් මියගියේ ය; සියලු ඉශ්රායෙල්වරු රැස් ව ඔහු ගැන වැළපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත් කළහ. ඉන්පසු දාවිත් පිටත් ව මායොන් පාළුකරයට බැස ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්