Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 13:2 - Sinhala New Revised Version 2018

2 “මා ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන කානාන් දේශයට චරපුරුෂයන් යවන්න. නුඹලාගේ පිය ගෝත්‍ර සෑම එකකින් ම එක්කෙනා බැගින් ඔවුන් අතර මූලිකයන් වන අය යවන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “මා ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන කානාන් දේශයට චරපුරුෂයන් යවන්න. නුඹලාගේ පිය ගෝත්‍ර සෑම එකකින් ම එක්කෙනා බැගින් ඔවුන් අතර මූලිකයන් වන අය යවන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන කානාන් දේශය සෝදිසිකරන පිණිස මනුෂ්‍යයන් යවන්න. තම තමාගේ පිය ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඔවුන් අතරේ අධිපතිව සිටින තැනැත්තන්ම යවන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:2
12 හුවමාරු යොමු  

රට බැලීමට මා ඔබ හැමගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔවුන් කෙළේත් එයම යි.


තවද, දේශය උරුම කොට බෙදා දීම සඳහා එක එක ගෝත්‍රයට එක එක නායකයෙකු බැගින් තෝරාගත යුතු ය.


එවිට මම ඔබේ ගෝත්‍ර නායකයන් අතර නැණවත්, කාරණා කාරණා දන්න අයවලුන් ඔබ හැමගේ ප්‍රධානීන් වශයෙන් පත් කෙළෙමි; සමහරෙක් සහශ්‍රාධිපතීහු ද සමහරෙක් ශතාධිපතීහු ද සමහරෙක් පණසාධිපතීහු ද තවත් සමහරෙක් දශාධිපතීහු ද වූ හ. තවද, ගෝත්‍රයක් පාසා නිලධාරීන් ද පත් කෙළෙමි.


එවිට, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ දන්නා පරිදි සෙනඟ අතර නායකයන් හා නිලධාරීන් වන ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු මා වෙත කැඳවාගෙන එන්න. නුඹ සමඟ ඔවුන් ද පෙනී සිටින පරිදි සම්මුඛ මණ්ඩපය වෙත ඔවුන් ගෙන එන්න.


නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්‍රික නායකයෙකු සිටිය යුතු ය.


ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය.


ඔහු ද සමිඳාණන් වහන්සේගේ අණට කීකරු ව පාරාන් නම් පාළුකරයෙන් ඔවුන් යැවී ය. ඒ සියල්ලෝ ඉශ්රායෙල් ජනයා අතර මූලිකයෝ වූ හ.


සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් ඔබ යවමින්, ‘මා නුඹට දුන් දේශයට ඇතුල් වී, එය අයිති කරගත යුතු ය’ කියා කී විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව ඔබ කැරලි ගසා, උන් වහන්සේ අවිශ්වාස කොට, උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නහු ය.


ඉහත දැක්වූයේ මෝසෙස් කානාන් රටට යැවූ චරපුරුෂයන්ගේ නාමාවලිය යි. තවද, ඔහු නූන්ගේ පුත් හෝෂෙයාගේ නම වෙනස් කොට ඔහුට ජෝෂුවා යි යන නම තැබී ය.


එබැවින් දැන් එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් ඉශ්රායෙල් ගෝත්‍රවලින් පිරිමින් දොළොස්දෙනෙකු තෝරාගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්