Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 11:16 - Sinhala New Revised Version 2018

16 එවිට, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ දන්නා පරිදි සෙනඟ අතර නායකයන් හා නිලධාරීන් වන ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු මා වෙත කැඳවාගෙන එන්න. නුඹ සමඟ ඔවුන් ද පෙනී සිටින පරිදි සම්මුඛ මණ්ඩපය වෙත ඔවුන් ගෙන එන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවිට, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ දන්නා පරිදි සෙනඟ අතර නායකයන් හා නිලධාරීන් වන ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු මා වෙත කැඳවාගෙන එන්න. නුඹ සමඟ ඔවුන් ද පෙනී සිටින පරිදි සම්මුඛ මණ්ඩපය වෙත ඔවුන් ගෙන එන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ වැඩිමහල්ලන්ව ඔවුන් කෙරේ මුලාදෑනීන්ව සිටින බව නුඹ දන්නාවූ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සැත්තෑදෙනෙකු මට රැස් කර ඔවුන් නුඹ සමඟ සිටින පිණිස සම්මුඛවීමේ කූඩාරම ළඟට කැඳවාගන එන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:16
14 හුවමාරු යොමු  

තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න.


මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ,


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන සෑම නගරයක් තුළ ම, ගෝත්‍රයක් ගෝත්‍රයක් පාසා විනිශ්චයකාරයන් සහ නිලධාරීන් පත් කළ යුතු ය. ඔවුන් ද සාධාරණ ලෙස සෙනඟ විනිශ්චය කළ යුතු ය.


එවිට මම ඔබේ ගෝත්‍ර නායකයන් අතර නැණවත්, කාරණා කාරණා දන්න අයවලුන් ඔබ හැමගේ ප්‍රධානීන් වශයෙන් පත් කෙළෙමි; සමහරෙක් සහශ්‍රාධිපතීහු ද සමහරෙක් ශතාධිපතීහු ද සමහරෙක් පණසාධිපතීහු ද තවත් සමහරෙක් දශාධිපතීහු ද වූ හ. තවද, ගෝත්‍රයක් පාසා නිලධාරීන් ද පත් කෙළෙමි.


මිසරයේ දී ජෝසෙප්ට දාව උපන් පුත්‍රයන්ගේ ගණන දෙදෙනෙකි. මිසරයට පැමිණි ජාකොබ්ගේ පවුලට අයත් සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ.


ඉන්පසු සැත්තෑ දෙනා ප්‍රීතියෙන් හැරී අවුත්, “ස්වාමීනි, ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති”යි කී හ.


ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක.


ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන්ගෙන් සැත්තෑදෙනෙකු ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත් ජාසනීයා ද සිටිනු දිටිමි. ඔව්හු තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇති ව සිටියෝ ය. සුවඳ දුම් ඉහළට නැංඟේ ය.


පසුව මෝසෙස් සහ ආරොන් ගොස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් සියලු දෙන රැස් කරවූ හ.


ඔබේ ගෝත්‍රවල ප්‍රජා මූලිකයන් ද නිලධාරීන් ද අසාගෙන සිටින විට මේ කරුණු කියා, ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දීමට අහසත් පොළොවත් කැඳවනු පිණිස, ඔවුන් සියල්ලන් මා වෙතට රැස් කරන්න.


ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය.


මෝසෙස් නික්ම ගොස් සමිඳාණන් වහන්සේ වදාළ දේ සෙනඟට දන්වා, ප්‍රජා මූලිකයන් හැත්තෑදෙනෙකු කැඳවා, කූඩාරම වටේට ඔවුන් සිටෙව්වේ ය.


සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් කුම්භකාරයාගෙන් මැටි බඳුනක් මිලේට ගන්න. ප්‍රජා මූලිකයන්ගෙන් ද ශ්‍රේෂ්ඨ පූජකයන්ගෙන් ද සමහරදෙනෙකු කැටුව,


මෝසෙස් නැඟිට ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් සමඟ දාතාන් සහ අබිරාම් වෙත ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්