Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 8:30 - Sinhala New Revised Version 2018

30 පිලිප් ඔහු ළඟට දිවගොස් ඔහු යෙසායා දිවැසිවරයාගේ පොත කියවනු අසා, “ඔබ කියවන දේ ඔබට තේරෙන්නේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 පිලිප් ඔහු ළඟට දිවගොස් ඔහු යෙසායා දිවැසිවරයාගේ පොත කියවනු අසා, “ඔබ කියවන දේ ඔබට තේරෙන්නේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

30 එවිට රථය ළඟට දිවූ පිලිප්ට ඒ මිනිසා දිවැසිවර යෙසායාගේ ලියවිල්ලෙන් කියවනවා ඇසිණි. “ඔබ කියවන දේ ඔබට වැටහෙනවා දැ?” යි පිලිප් ඔහුගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 පිලිප් ඔහු ළඟට දිව ගොස්, අනාගතවක්තෘවූ යෙසායාගේ පොත ඔහු කියවනවා අසා: නුඹ කියවන දේ නුඹට තේරෙනවාදැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 8:30
18 හුවමාරු යොමු  

ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය.


එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න.


උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න.


පණිවුඩය අසා එය වටහා ගෙන සිය ගුණයක් ද හැට ගුණයක් ද තිස් ගුණයක් ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.”


යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


එහෙත් සභාවේ දී අන් භාෂාවකින් ගිණිය නොහැකි වචන සමූහයක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි.


“තවද, ‘බිහිසුණු දූෂිතය’ එයට නොහිමි තැන සිටිනු ඔබ යම් කලෙක දකින්නහු ද, (පාඨකයා තේරුම් ගනී වා), එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා.


“එබැවින් දානියෙල් දිවැසිවරයා සඳහන් කළ, ‘බිහිසුණු දූෂිතය, ශුද්ධස්ථානයෙහි තිබෙනු ඔබ යම් කලක දකින්නහු ද, (පාඨකයා තේරුම්ගනීවා)


“ඔබ මේ සියල්ල වටහා ගත්තහු දැ”යි උන් වහන්සේ ඇසූ සේක. “එසේ ය”යි ඔව්හු කී හ.


ඔබ මාගේ දැනුම පුළුල් කරන විට ඔබේ ශික්ෂා මාර්ගයෙහි යුහු ව ගමන් කරන්නෙමි.


නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. නුවණැත්තා, මෘගයාගේ අංකය ගණන් බලා දැනගනී වා. මන්ද, එය මනුෂ්‍යයෙකුගේ නාමය දක්වයි. ඒ ගණන හයසිය හැට හයයි.


ඔහු එහි ගියේ ය. එවිට එතියෝපීය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තා වූ ද ඇගේ මුළු වස්තුවේ අධිකාරී වූ ද එතියෝපීය නපුංසකයෙක් වන්දනාව පිණිස ජෙරුසලමට ගොස්


ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය.


පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කෙළේ ය.


එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට, “ඔබ ඉදිරියට ගොස් රථයට ළං ව ගමන් කර එක්වන්නැ”යි වදාළ සේක.


“යමෙකු මඟ පෙන්නුවොත් මිස මට තේරුම්ගත හැක්කේ කෙසේ දැ”යි ඔහු පිළිතුරු දී, රථයට නැඟී තමා සමඟ හිඳගන්නට පිලිප්ගෙන් උදක් ම ඉල්ලී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්