ක්‍රියා 5:36 - Sinhala New Revised Version 201836 ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය36 කලකට ඉහත තෙවුදාස්, තමා සැලකිය යුතු කෙනෙකැයි කියා ගනිමින් නැගිට හිටියා. හාරසිය දෙනකු පමණ පිරිවරක් ඔහුට එක්වුණා. එහෙත් ඔහු මරා දමනු ලැබූ පසු, ඔහුගේ සහචරයින් විසිරවනු ලැබ, ඒ සියල්ල නැත්තටම නැති වී ගියා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් තුදාස් තෙමේ තමාත් වැදගත් කෙනෙක්ය කියා නැගිට්ටේය; ගණනින් හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඔහුට එකතු වුණෝය. ඔහු මරනලද්දේය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරුවූවෝද ඒ සියල්ලෝම විසුරුවනු ලැබ නැතිවී ගියෝය. පරිච්ඡේදය බලන්න |