Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 28:25 - Sinhala New Revised Version 2018

25 ඔවුන් අතර මතභේද ඇති වූ බැවින් ඔව්හු යන්නට ගියහ. එසේ යන්නට පෙර පාවුලු මේ කරුණ කී ය. එනම්: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබේ පියවරුන්ට කී දේ කොපමණ සැබෑ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඔවුන් අතර මතභේද ඇති වූ බැවින් ඔව්හු යන්නට ගියහ. එසේ යන්නට පෙර පාවුලු මේ කරුණ කී ය. එනම්: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබේ පියවරුන්ට කී දේ කොපමණ සැබෑ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 එබැවින් ඔවුහු එතැනින් බැහැරව ගියේ ඔවුනොවුන් අතරේ මත භේද ඇතිව ය. ඔවුන් පිට වී යන්නට පෙර පාවුල් මෙසේ ප්‍රකාශ කළේ ය: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ පියවරුන්ට පැවසූ දේ කොතරම් මනාද! ඒ මෙසේයි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ඔව්හු ඔවුනොවුන් එකඟ නොවී පාවුල් එක කාරණයක් කී පසු, අහක්ව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 28:25
8 හුවමාරු යොමු  

කෛරාටිකයෙනි, යෙසායා ඔබ ගැන කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ.


උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කෛරාටිකයෙනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස, ඔබ ගැන යෙසායා කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ: ‘මුවින් මේ සෙනඟ මට ගරු කරති; සිතින් නම් මගෙන් දුරු ව සිටිති.


ඔහු කී දේ සමහරු විශ්වාස කළහ; සමහරු අවිශ්වාස කළහ.


ඔබගේ ජනතාව වෙත ගොස් මෙසේ කියන්න: ‘අස අසාත් ඔබ කිසි සේත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් කිසි සේත් නොපැහැදෙන්නහු ය.


ඔහු මෙසේ කී පසු ජුදෙව්වෝ තමන් අතරෙහි තදින් විවාද කරමින් යන්නට ගියහ.


එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට, “ඔබ ඉදිරියට ගොස් රථයට ළං ව ගමන් කර එක්වන්නැ”යි වදාළ සේක.


එබැවින් ශුද්ධාත්මයාණෝ මෙසේ වදාරන සේක: “අද නුඹලා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නහු නම්,


මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්