ක්‍රියා 27:25 - Sinhala New Revised Version 201825 එබැවින්, භවතුනි, ධෛර්යවත් වන්න. මන්ද, මම දෙවියන් වහන්සේ විශ්වාස කරමි; මට කී ලෙස ම සිද්ධ වන්නේ යයි විශ්වාස කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 එබැවින්, භවතුනි, ධෛර්යවත් වන්න. මන්ද, මම දෙවියන් වහන්සේ විශ්වාස කරමි; මට කී ලෙස ම සිද්ධ වන්නේ යයි විශ්වාස කරමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 එබැවින් මිනිසුනේ, ධෛර්යය ඇති කරගන්න; මන්ද මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි. සිදුවන්නේ උන්වහන්සේ මට කී විදියටමයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 එබැවින්, මනුෂ්‍යයෙනි, ධෛර්ය ඇතුව සිටින්න. මක්නිසාද මම දෙවියන්වහන්සේව විශ්වාසකරමි, මට කියන්ට යෙදුණු ප්‍රකාරයටම සිද්ධවන්නේයයි විශ්වාසකරමි. පරිච්ඡේදය බලන්න |
ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය.