Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 26:16 - Sinhala New Revised Version 2018

16 නැඟිට කෙළින් සිටින්න. මන්ද, මා ඔබට දර්ශනය වූයේ මේ නිසා ය. එනම්, ඔබ දුටු දර්ශනය ගැන ද, තවත් ඔබට ප්‍රකාශ කරන්නට යන දේවල් ගැන ද ඔබ සේවකයෙකු හා සාක්ෂිකරුවෙකු කිරීමට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නැඟිට කෙළින් සිටින්න. මන්ද, මා ඔබට දර්ශනය වූයේ මේ නිසා ය. එනම්, ඔබ දුටු දර්ශනය ගැන ද, තවත් ඔබට ප්‍රකාශ කරන්නට යන දේවල් ගැන ද ඔබ සේවකයෙකු හා සාක්ෂිකරුවෙකු කිරීමට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 දැන් නැගිට, දෙපයින් සිටගන්න; මා ඔබට මෙසේ පෙනුණේ, ඔබ මා දුටු අයුරු ද මා ඔබට පෙන්වා දෙන දෑ ද ගැන සේවකයකු ලෙසත්, සාක්ෂිකරුවකු ලෙසත් ඔබ පත් කරන්නටයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 නුමුත් නැගිට කෙලින් සිටින්න. මක්නිසාද යම් යම් දේ සඳහා නුඹ මා දුටුයෙහිද, නුඹට ප්‍රකාශවන්නෙම්ද, ඒ දේවල් ගැන නුඹ සේවකයෙක්ද සාක්ෂිකාරයෙක්ද කොට නියමකරන පිණිස මම නුඹට පෙනුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 26:16
34 හුවමාරු යොමු  

උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නැඟිට සිටින්න; මම නුඹ සමඟ කතා කරන්නෙමි”යි වදාළ සේක.


මා ශක්තිමත් කළා වූ ද, උන් වහන්සේගේ සේවය සඳහා පත් කිරීමට තරම් මා ඇදහිලිවන්ත යයි සැලකුවා වූ ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට මම ස්තුති කරමි.


මම එය කිසි මිනිසෙකුගෙන් නොලැබුවෙමි. කිසිවෙකු මට එය ඉගැන්නුවේත් නැත. එය මට හෙළි කළේ ක්‍රිස්තුන් වහන්සේ ම ය.


එසේ ලියන්නේ, විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසා ය. ඒ පූජක සේවය, විජාතීන් ශුද්ධාත්මයාණන් විසින් කැප කරනු ලැබ, දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුබ අස්න දේශනා කිරීම ය.


මේ සභාවේ සේවකයෙකු වශයෙන් දෙවියන් වහන්සේ මා පත් කර, ඔබේ යහපත උදෙසා මට වගකීමක් භාර දුන් සේක. ඒ වගකීම නම්, දෙවියන් වහන්සේගේ පණිවුඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීම ය.


එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි.


මා එසේ ගියේ, මට දේව මඟ පෙන්වීමක් ලැබුණු බැවිනි. මා විජාතීන්ට දේශනා කළ සුබ අස්න එහි සිටි ප්‍රධානීන් ඉදිරියෙහි රහසිගත ව තැබීමි. එසේ කළේ මා පෙර කළ, දැන් කරන, සේවය නිෂ්ප්‍රභ නොවන පිණිස ය.


එදා රාත්‍රියේ සමිඳාණන් වහන්සේ පාවුලු ළඟ සිට, “ධෛර්යවත් වෙන්න ඔබ ජෙරුසලමේ දී මා ගැන සාක්ෂි දුන් සේ ම, රෝමයේ දීත් සාක්ෂි දිය යුතු ය”යි වදාළ සේක.


එහෙත් ඔබ සියලු අවස්ථාවල දී සන්සුන් ලෙස ක්‍රියා කරන්න, දුක් ඉවසන්න, ධර්මදූත සේවයේ යෙදෙන්න. ඔබට පැවරී ඇති වගකීම් මනා ලෙස ඉටු කරන්න.


මේවා සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙහි නම්, ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හොඳ සේවකයෙක් වන්නෙහි ය. එවිට ඔබ අනුගමනය කරන ඇදහිල්ලේ වචන ද සම්‍යක් ධර්මය ද ඉගැන්වීමෙන් පෝෂණය වන්නේ ය.


අපි තිමෝතියස් එවීමු. ඔහු වනාහි අපගේ සහෝදරයා ද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණිස ය.


අපගේ ප්‍රේමවන්ත හවුල් දාසයෙකු ද ක්‍රිස්තුන් වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙකු ද වන එපප්‍රස් අප වෙනුවෙන් ඒ සුබ අස්න ඔබට ඉගැන්වී ය.


සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් ය. උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අප තමන් වහන්සේට සමඟි කරගෙන, සමඟි කිරීමේ සේවය අපට දුන් සේක.


මේ සේවය දේව වරප්‍රසාදයෙන් අප පිට පවරා ඇති බැවින් අප අධෛර්ය නොවෙමු.


සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් අපෝස්තුළුවරයෙකු වීමේ වරම මම උන් වහන්සේ අතින් ලදිමි.


‘ස්වාමීනි, මම කුමක් කරම් දැ’යි මම ඇසීමි. සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට දමස්කයට යන්න; දෙවියන් වහන්සේ නියම කර ඇති අන්දමට ඔබ කළ යුතු සියල්ල ඔබට එහි දී දන්වනු ලැබේ ය’යි වදාළ සේක.


ඔහු ඔවුන්ට ආචාර කොට, තමාගේ සේවය මඟින් දෙවියන් වහන්සේ විජාතීන් අතර සිදු කළ දේ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙළේ ය.


එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.


ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ.


මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය.


ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිට ම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට භාර දුන් කරුණු අනුව ය.


මම ද, ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසුවෙමි. සමිඳාණන් වහන්සේ ද; ‘මම නම් ඔබ පීඩා කරන ජේසුස් වෙමි.


මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්