Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 25:13 - Sinhala New Revised Version 2018

13 කීප දවසකට පසු අග්‍රිපා රජ ද බර්නිස් ද ෆෙස්තුස්ට ආචාර කරන පිණිස කායිසාරියට පැමිණිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 කීප දවසකට පසු අග්‍රිපා රජ ද බර්නිස් ද ෆෙස්තුස්ට ආචාර කරන පිණිස කායිසාරියට පැමිණිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 ටික කලකට පසු, අග්‍රිපා රජු හා බෙර්නිකී, පෙස්තුස් පිළිගන්නට කායිසාරියට ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 කීප දවසකට පසු අග්‍රිපා රජද බර්නීකිද කායිසාරියට ඇවිත් පෙස්තුස්ට ආචාරකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 25:13
12 හුවමාරු යොමු  

එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය:


ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝතස්හි දී ය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේ ය.


ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය.


නාබල්ගේ මෙහෙකරුවන්ගෙන් එක් කෙනෙක් ඔහුගේ බිරිඳ වූ අබිගායිල්ට මෙසේ කීවේ ය: “අප ස්වාමියාට ආචාර කරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවුඩකාරයන් එව්වේ ය. එහෙත්, ඔහු ඔවුන්ට බැණ වැදුණේ ය.


ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම කළ හැටියේ ම සාමුවෙල් පැමිණියේ ය. සාවුල් ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමඟට ගියේ ය.


“ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට ආචාර කරන්න පටන් ගත්හ.


ජුදාහි රජු වන අහසියාගේ සහෝදරයන් ඔහුට සම්බ වී, “ඔබ කවරහු දැ”යි ඇසී ය. “අපි අහසියාගේ සහෝදරයෝ ය. රජුගේ පුත්‍රයන්ටත්, බිසවගේ පුත්‍රයන්ටත් ආචාර කරන්න යමු”යි ඔව්හු කී හ.


ෆෙස්තුස් ඒ පළාතට පැමිණ තුන් දවසක් ගත වූ පසු කායිසාරියේ සිට ජෙරුසලමට ගියේ ය.


එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, “පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය.


එවිට ෆෙස්තුස් උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලුවෙහි ය. ඔබ සීසර් අධිරාජයා වෙත යන්නෙහි ය”යි පාවුලුට කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්