Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 17:21 - Sinhala New Revised Version 2018

21 සියලු ඇතන්ස් වැසියෝ ද එහි පදිංචි ව සිටි විදේශීහු ද අලුත් මතිමතාන්තර ගැන කතාබහ කරමින් හෝ ඒවාට සවන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සියලු ඇතන්ස් වැසියෝ ද එහි පදිංචි ව සිටි විදේශීහු ද අලුත් මතිමතාන්තර ගැන කතාබහ කරමින් හෝ ඒවාට සවන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 සියලු ඇතන්ස්වරුන් ද එහි විසූ විදේශීන් ද ඔවුන්ගේ මුළු කාලයම පාහේ ගත කළේ, නවතම මත අදහස් පල කරමින් හා ඒවාට සවන් දෙමින් මිස, අන් හැටියකින් නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 (මක්නිසාද සියලු අතීනසයෝද එහි පොරොත්තුව සිටියාවූ විදේශීහුද අමුතු කාරණයක් කීමෙන් නොහොත් ඇසීමෙන් මිස වෙන සැටියකින් කාලය ගත නොකළෝය.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 17:21
9 හුවමාරු යොමු  

පාවුලු ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වා ඔහු පිරිවරා ගියහ. හැකි පමණ ඉක්මනින් තමා වෙතට එන මෙන්, සීලස්ට ද තිමෝතියස්ට ද පාවුලුගෙන් නියමයක් රැගෙන ඔව්හු ආපසු ගියහ.


පාවුලු ඇතන්ස්හි ඔවුන්ගේ පැමිණීම බලා සිටිය දී, ඒ නුවර දේව රූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ සිත කැළඹී ගියේ ය.


මන්ද, සමහර අපූරු කාරණ ඔබ අපේ කන්වල හෙළන්නෙහි ය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක් දැ යි දැනගන්ට කැමැත්තෙමු”යි කී හ.


පිරිගිය සහ පම්පිලියායෙහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන් ද


කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.


ක්‍රිස්තියානි නොවන අය සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරන්න. ඒ සඳහා හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.


තවද ඔව්හු, ගෙන්-ගෙට යමින් අලස වීමට පුරුදු වෙති. අලස වෙනවා පමණක් නොව, වාචාලකමින් අනුන්ගේ දේවලට ඇඟිලි ගැසීමට ද, නුසුදුසු දේ දෙඩීමට ද පුරුදු වෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්