Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 16:18 - Sinhala New Revised Version 2018

18 ඈ දවස් කීපයක් ම මෙසේ කළා ය. එවිට පාවුලු අතිශයින් අප්‍රසන්න වී, ආත්මයට කතා කොට, “ඇගෙන් අහක් වී යන්නට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් නුඹට අණ කරමි”යි කී ය. ඒ මොහොතේ දී ම ඒ ආත්මය අහක් ව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඈ දවස් කීපයක් ම මෙසේ කළා ය. එවිට පාවුලු අතිශයින් අප්‍රසන්න වී, ආත්මයට කතා කොට, “ඇගෙන් අහක් වී යන්නට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් නුඹට අණ කරමි”යි කී ය. ඒ මොහොතේ දී ම ඒ ආත්මය අහක් ව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 බොහෝ දවසක් ඇය මෙසේ කළ පසු, ඉන් උරණ වූ පාවුල්, තරුණිය දෙස ආපසු හැරී, යක්ෂාත්මය අමතා, “මැය වෙතින් දුරුව යන ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම නුඹට අණ කරමි” යි කීවේ ය. එකෙණෙහිම ඒ යක්ෂාත්මය ඇගෙන් දුරුව ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 16:18
12 හුවමාරු යොමු  

සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි.


උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක.


අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;


එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී


එවිට පේදුරු, “රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය.


පේදුරු ඔහුට කතා කොට, “අයිනෙයස්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබට සුවය දෙන සේක. නැඟිට ඔබේ යහන සකස් කරගන්නැ”යි කී ය. එකෙණෙහි ම ඔහු නැඟිට්ටේ ය.


මෙලෙස උන් වහන්සේ භූතාධිපතීන් ද බලධාරීන් ද නිරායුධ කොට ඔවුන් ප්‍රසිද්ධියේ ජය පෙරහරින් ගෙන ගොස් ප්‍රදර්ශනය කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්