Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 13:25 - Sinhala New Revised Version 2018

25 තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 යොහන් සිය සේවය සමාප්ත කරමින්, ‘ඔබ සිතන්නේ මා කවරෙක් ය කියා ද? මා එතුමාණන් නො වේ. සත්තකින්ම, එතුමාණෝ මට පසුව එන සේක. එතුමාණන්ගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ’ යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 තවද යොහන් තමාගේ මෙහෙය ඉෂ්ටකරමින් සිටියදී: මම කවුරුය කියා නුඹලා සිතවුද? මම උන්වහන්සේ නොවෙමි. බලව, මට පසුව කෙනෙක් එනසේක, උන්වහන්සේගේ පාදවල වහන් මුදන්ටවත් මම නොවටිමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 13:25
19 හුවමාරු යොමු  

මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසම්පන්න ය. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම් වත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක.


ඔහු දේශනා කරමින්, “මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි;


එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.


ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධ ව සටන් කොට, ඔවුන් පරාජය කර මරාදමන්නේ ය.


මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි.


මන්ද, අපි අප ගැන ම නොව, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ස්වාමීන් බවත්, ජේසුස් වහන්සේ උදෙසා අප ඔබගේ දාසයන් බවත් ප්‍රකාශ කරමු.


පාවුලු කතා කොට, “ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය.


දාවිත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස සිය පරම්පරාවේ දී මෙහෙ කළ පසු මරණයට පත් ව තමාගේ පියවරුන් අතර තැන්පත් කරනු ලැබ, දිරාපත් විය.


තමාගේ ම අධිකාරී බලයෙන් අදහස් පවසන තැනැත්තේ තමාගේ ම ගෞරවය සොයන්නෙකි. එහෙත්, තමන් එවා වදාළ තැනැන් වහන්සේගේ ගෞරවය සොයන්නා අවංක තැනැත්තෙකි. වංක බවක් ඔහු තුළ නැත.


ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය.


මඟ වඩිනා ජේසුස් වහන්සේ දෙස බලා, “බලන්න, දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ”යි කී ය.


ඒ දේ මම ම දිටිමි; දැක, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි සාක්ෂි දැරුවෙමි”යි කීවේ ය.


පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්