Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 10:5 - Sinhala New Revised Version 2018

5 ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 එබැවින් දැන් යොප්පා වෙත පණිවුඩ යවා, පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් නැමැත්තා කැඳවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඉදින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම් සීමොන් කැඳවාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 10:5
10 හුවමාරු යොමු  

එසේ පත් කළ දොළොස් දෙනා කවුරු ද යත්: පේදුරු යයි උන් වහන්සේ නම් කළ සීමොන් ද,


ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, “ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට ‘කේපස්’ යයි කියනු ඇතැ”යි වදාළ සේක. (‘කේපස්’ යන්නෙහි අර්ථය ‘පර්වතය’ යනු යි.)


“පේදුරු නම් ලත් සීමොන් මෙහි නැවතී සිටී දැ”යි හඬ නඟා ඇසූ හ.


එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය.


දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, “සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය.


එහි දී පාවුලු රාත්‍රියෙහි දර්ශනයක් දුටුවේ ය; එනම්: “මසිදෝනියට අවුත් අපට ආධාර කරන්නැ”යි මසිදෝනියේ මනුෂ්‍යයෙක් නැඟිට සිට ඔහුගෙන් අයැදී ය.


දොර්කස්, හෙවත් මුවදෙන යන අර්ථය ඇති, තබිතා නම් එක්තරා සැදැහැවත් කාන්තාවක් ජොප්පාවෙහි සිටියා ය. ඈ යහපත කිරීමේ දී හෝ දන්දීමෙහි දී හෝ කිසි විටෙක වෙහෙසට පත් නොවූවා ය.


ලිද්දාව ජොප්පාවට සමීප බැවින්, පේදුරු එහි සිටින බව ඇසූ ශ්‍රාවකයෝ “පමා නොවී අප වෙත එන්නැ”යි අයැදිමින් මිනිසුන් දෙදෙනෙකු ඔහු වෙත යැවූ හ.


ජොප්පාව පුරා මේ පුවත පතළ විය. බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේ අදහා ගත්හ.


පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්