Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 1:19 - Sinhala New Revised Version 2018

19 ජෙරුසලම් වැසි සියල්ලන්ට එය සැළ විය. එබැවින් ඔව්හු ඒ ඉඩමට ඔවුන්ගේ බසින් ‘ලේ බිම’ යන අරුත ඇති ‘අකෙල්දෙමා’ යයි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ජෙරුසලම් වැසි සියල්ලන්ට එය සැළ විය. එබැවින් ඔව්හු ඒ ඉඩමට ඔවුන්ගේ බසින් ‘ලේ බිම’ යන අරුත ඇති ‘අකෙල්දෙමා’ යයි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 යෙරුසලම් වැසි සියල්ලන් මෙය දැන ගත්තෙන්, ඔවුහු එම ඉඩම ඔවුන්ගේ භාෂාවෙන් ලේ බිම යන අරුතින් අකෙල්දමා යනුවෙන් හැඳින් වූහ.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එය යෙරුසලම් වාසි සියල්ලන්ට සැලවිය; එහෙයින් ඒ බිමට ඔවුන්ගේ භාෂාවෙන් අකෙල්දමයයි කියනලදී, එනම් ලේ බිමය.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 1:19
6 හුවමාරු යොමු  

ඔහු අවසර දුන් කල, පාවුලු පඩි පෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥා කෙළේ ය. මහා නිශ්ශබ්දතාවයක් ඇති විය. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ඔවුන් අමතා,


“ඉශ්රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස, නාසරෙත්හි ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව, දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුමපුදුම දේවලින් ද ලකුණුවලින් ද පෙන්වූ සේක.


ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්‍රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.


එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.


‘ඒ මුදල දේව මාලිගාවේ භාණ්ඩාගාරයෙහි දමන්නැ’යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක. මම ද, මාගේ වටිනාකම වශයෙන් ඔවුන් මිල කළ අගේ ඇති ඒ රිදී මිල තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයෙහි දැමීමි.


එහෙයින් අද දක්වා ඒ කෙතට ‘ලේ කෙත’ යයි කියනු ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්