Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ඔබදියා 1:5 - Sinhala New Revised Version 2018

5 “රාත්‍රියේ සොරු වත්, කොල්ලකාරයෝ වත් නුඹ වෙත පැමිණියෝ නම්, ඔවුන්ගේ සිතේ හැටියට සොරා නොගනිත් ද? මිදි පල නෙළන්නෝ නුඹ වෙත පැමිණියෝ නම්, මිදි පල සමහරක් වත් ඉතිරි නොකරත් ද? එහෙත්, අහෝ! ඔවුන් නුඹ විනාශ කර දමා තිබෙන හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “රාත්‍රියේ සොරු වත්, කොල්ලකාරයෝ වත් නුඹ වෙත පැමිණියෝ නම්, ඔවුන්ගේ සිතේ හැටියට සොරා නොගනිත් ද? මිදි පල නෙළන්නෝ නුඹ වෙත පැමිණියෝ නම්, මිදි පල සමහරක් වත් ඉතිරි නොකරත් ද? එහෙත්, අහෝ! ඔවුන් නුඹ විනාශ කර දමා තිබෙන හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 අහෝ නුඹ සිඳිනු ලැබූ හැටි! සොරුවත් රාත්‍රියේ කොල්ලකාරයෝවත් නුඹ ළඟට ආවෝ නම් තමුන්ට සෑහෙන පමණ සොරකම්කර නොගන්නෝද? මිදිඵල නෙළන්නෝ නුඹ ළඟට ආවෝ නම් ඔවුන් ස්වල්පයක්වත් ඉතුරු කරන්නේ නැද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ඔබදියා 1:5
13 හුවමාරු යොමු  

මිදි පල නෙළන්නන් මිදි පල නෙළන්නට ආ විට ඔවුන්ගෙන් හැළෙන ඉතිරි මිදි පල ඇහිඳගන්නට ඉඩ හැරියේ නැද් ද? රාත්‍රියේ සොරුන් ආවොත් ඔව්හු ඇති පමණට වඩා සොරකම් කරන්නෝ ද?


මිදි වත්තේ මිදි එකතු කරගන්න විට ද ඉතිරි වන ඒවා නැවත කපා නොගන්න. ඒවා විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.


ඔලීව ගසක් සෙලවූ කල මුදුන් අත්තේ ගෙඩි දෙක තුනක් ද අන් අතුවල ගෙඩි හතරක් පහක් ද ඉතිරි වන්නාක් මෙන් ඉශ්රායෙල්හි සෙනඟ ස්වල්ප දෙනෙක් පමණක් ඉතිරි වන්නෝ ය. මෙසේ පවසන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මම ය.”


සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.


අනේ මා වැනි කාලකණ්ණියෙක්. ගිම්හානයේ පල රැස් කරන්නා ද මිදි පල නෙළන්නා ද වැනි ය. මන්ද, කන්න එක ම මිදි පොකුරක් වත් මා ආසා කරන අත්තික්කාවල නාඹුල් පල වත් නැත.


සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි! ජාතීන් අතර උතුම් වී සිටි ඈ කණවැන්දුමියක මෙන් වී දේශාධිපතිනියක් වූ ඇය දාසියක් වී සිටින හැටි!


බබිලෝනිය කුළුගෙඩියක් මෙන් මුළු ලොවට පහර දුන්නේ ය. දැන් ඒ කුළුගෙඩිය කැඩී බිඳී ගොස් තිබෙන හැටි! ජාතීන් අතර බබිලෝනිය භයානක දර්ශනයක් වී තිබෙන හැටි!


මුළු ලොවේ සෑම ජාතීන් අතර මෙසේ සිදු වන්නේ ය. එය හරියට ඔලීව ගස්වල ද මිදි වැල්වල ද පල කඩා නිමකළ පසු අවසාන වූ කාලය වැනි ය.


“දීප්තිමත් පහන් තාරකාවෙනි, අරුණෝදයේ පුත්‍රයාණෙනි, ඔබ ස්වර්ගයෙන් වැටී සිටින හැටි! පෙර ඔබ ජාති ජාතීන් පරාජය කෙළෙහි ය. දැන් ඔබ බිමට හෙළා වැටී සිටින හැටි!


“අහෝ, ඉශ්රායෙල් දේශය! ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත. අහෝ! බලවතුන් වැටුණු හැටි!


ඇගේ වේදනාවට බයින් ඈතින් සිට, “අහෝ! අහෝ! බබිලෝනිය නම් මහා නුවර! බලවත් නුවර! එක පැයකින් තිගේ විනාශය පැමිණියේ ය”යි කියමින් හඬා වැලපෙති.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාරන සේක: “කිසිත් ඉතිරි නොවන ලෙස ගොවියෙකු අතු සූරා මිදි පල එකතු කරන සේ, ඉශ්රායෙල්හි කිසිවක් ඉතිරි නොවන පරිදි ඔව්හු රැස් කරගනිති.”


ඒසව්ගේ කඳුකරයේ සටන් කරන හැම දෙනා ම මරාදමන තුරු, එම්බා තේමාන්! නුඹේ රණ ශූරයන් භීතියෙන් ත්‍රස්ත වනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්