Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 20:14 - Sinhala New Revised Version 2018

14 මරණයත්, පාතාලයත් ගිනි විලට හෙළන ලද්දේ ය. මේ ගිනි විල දෙ වන මරණය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මරණයත්, පාතාලයත් ගිනි විලට හෙළන ලද්දේ ය. මේ ගිනි විල දෙ වන මරණය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 මරණය හා පාතාලය ගිනි විලට හෙළනු ලැබිණ. ගිනි විල දෙවන මරණයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළනලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 20:14
14 හුවමාරු යොමු  

නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ.


පළමු වන පුනරුජ්ජීවනයට පංගුකාරකම ඇති තැනැත්තා භාග්‍යවන්තයෙකි, සැදැහැවතෙකි. දෙ වන මරණයට ඔවුන් කෙරෙහි බලයක් නැත. ඔව්හු දෙවියන් වහන්සේගේත්, ක්‍රිස්තුන් වහන්සේගේත් පූජකයෝ ව, උන් වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම් කරන්නෝ ය.


එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.


එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.


ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත.


උන් වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිසදමන සේක. මරණය තවත් නැත. වැලපීම ද හැඬීම ද, වේදනාව ද තවත් නැත. ඒ පළමු පිළිවෙළ පහ ව ගිය බැවිනි.”


මහමුහුද එහි වූ මළවුන් භාර දුන්නේ ය. මරණයත්, පාතාලයත්, එහි උන් මළවුන් භාර දුන්නේ ය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබූ හ.


එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබී ය. ඔව්හු සදහට ම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය.


දිරන සුලු මේ සිරුර නොදිරන සුලු බවට පත් විය යුතු ය. මැරෙන සුලු මේ සිරුර අමරණීයත්වයට පත් විය යුතු ය.


මම මේ සෙනඟ පාතාලයෙන් ගළවන්නෙම් ද? මරණ බලයෙන් මුදන්නෙම් ද? එම්බා මරණය! ඔබේ වසංගතය කොහේ ද? එම්බා පාතාලය! ඔබේ විනාශය කොහේ ද? මොවුන් කෙරෙහි මට අනුකම්පාවක් නැත.


යමෙකුගේ නම ජීවන පොතෙහි ලියැවී නැති බව සම්බ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය.


‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්‍රාහකයාට දෙ වන මරණයෙන් අනතුරක් නොවන්නේ ය.’


එකෙණෙහි ම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනු ය. පාතාල ලෝකය ද ඔහු පසුපස්සේ ගියේ ය. කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද පොළොවේ වන මෘගයන් ලවා ද මරණය පැමිණවීමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේ ය.


ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේ ය. ඔහු ශුද්ධ දේව දූතයන් ඉදිරියෙහි ද, බැටළු පෝතකයාණන් ඉදිරියෙහි ද ගින්නෙන් හා ගෙන්දගම්වලින් වද වේදනා විඳින්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්