Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 2:9 - Sinhala New Revised Version 2018

9 ඔබ විඳින බලවත් පීඩාව ද දිළිඳුකම ද මම දනිමි. එහෙත් ඔබ ධනවත් ය. ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරුන් යයි කියාගන්නා, සාතන්ගේ හවුලක් වන අයගේ අපවාද මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔබ විඳින බලවත් පීඩාව ද දිළිඳුකම ද මම දනිමි. එහෙත් ඔබ ධනවත් ය. ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරුන් යයි කියාගන්නා, සාතන්ගේ හවුලක් වන අයගේ අපවාද මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 “ඔබගේ පීඩා ද ඔබගේ දිළිඳුකම ද දනිමි. එහෙත් ඔබ ධනවත් ය! යුදෙව්වන් නො වන නමුත් තුමූ යුදෙව්වන්ය කියා ගන්නා, සාතන්ගේ සිනගෝගයට අයත් වූවන්ගේ අපවාද ද මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එනම්, මම නුඹේ පීඩාවද දිළිඳුකමද දනිමි (නුමුත් නුඹ ධනවත්ය), යුදෙව්වන් නොවන නුමුත් තුමූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 2:9
29 හුවමාරු යොමු  

බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.


අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.


එහෙත් දෙවියන් වහන්සේගේ පොරොන්දුව නිරර්ථක වූවා නොවේ. මන්ද, ඉශ්රායෙල් පෙළපතෙන් පැවත එන සියල්ලෝ ම තෝරාගත් සෙනඟ නොවෙ‍ති.


ශෝකවන්නන් මෙන් ගණන්ගැනුණත් නිතර ම ප්‍රීතියෙන් සිටිමු. දිළිඳුන් මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු. කිසිත් නැත්තන් මෙන් ගණන්ගැනුණත් සියල්ල ඇත්තන් වී සිටිමු.


ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙස ද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙස ද, සියල්ල අනුන් හා සමඟ ත්‍යාගශීලී ව බෙදාගැනීමට ළැදි වන ලෙස ද අවවාද කරන්න.


“සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්,


ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙසීම් ද ඔබේ ඉවසීම ද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බව ද, අපෝස්තුළුවරුන්ගේ පදවිය අයුතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බව ද මම දනිමි.


එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙ‍සේ වදාළ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය.


බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න; විපතේ දී ඉවසිලිමත් වන්න; යාච්ඤාවෙහි නොකඩව යෙදෙන්න;


එපමණක් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ල ද,


පළමුවෙන් මම උන් වහන්සේට අපහාස කරන්නෙකු ව, පීඩා කරන්නෙකු ව, නින්දා කරන්නෙකු ව සිටිය නමුත්, නොදන්නාකමින් හා ඇදහිල්ල නැතිකමින් එසේ කළ ද මම දයාව ලැබුවෙමි.


අපට දුක් විඳින්නට සිදු වන බව අපි ඔබ සමඟ සිටිය දී කල්තියා ඔබට කීවෙමු. එලෙස ම සිදු වූ බව ඔබ දන්නහු ය.


එනම්, බොහෝ දුක් පීඩා මැද ඔවුන් පරීක්ෂා කරනු ලැබූ නමුත්, ඔවුන්ගේ ප්‍රීතිය කෙතරම් අධික වී ද යත්, ඉතා දිළිඳු වුව ද, ඔවුන්ගේ ත්‍යාගශීලීවන්තකමින් ඔවුන් පොහොසත් වූ බව ය.


ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද් ද? විපතට වත්, දුක් වේදනාවට වත්, පීඩාවට වත්, සාගින්නට වත්, දුගී බවට වත්, උවදුරට වත්, කඩුවට වත් අප වෙන් කළ හැකි ද?


“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.


ඔව්හු තවත් බොහෝ දේ උන් වහන්සේට විරුද්ධ ව කියමින්, අපහාස කළහ.


දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවී තමාට ම වස්තු රැස් කරගන්නා අය එවැනි ය.”


ඔබ ජුදෙව් නාමය දරන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි පිහිටා දෙවියන් වහන්සේ ගැන පාරට්ටු කරන්නහු ය.


තවද සියලු ධර්මශාලාවල දී නොයෙක් විට ඔවුන්ට දඬුවම් කරමින්, ඔවුන් ලවා දේවාපහාස කරවන්නට උත්සාහ කෙළෙමි; මම ඔවුන් ගැන කෝපයෙන් දිළිහෙමින්, අන් නුවරවලට ද ගොස් ඔවුන්ට පීඩා කෙළෙමි.”


“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ.


මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි”යි වදාළ සේක.


එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.


ඔබගේ සහෝදරයා වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවල ද, උන් වහන්සේගේ රාජ්‍යයේ ද, ඔබේ ඉවසිල්ලේ ද පංගුකාරයා වන, ජොහන් නම් මම, පැට්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. මා එහි සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත්, ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත් ය.


ඔබ වාසය කරන තැන මම දනිමි. එය සාතන්ගේ සිංහාසනය පිහිටි ස්ථානය යි. එහෙත් ඔබ මට පක්ෂපාත ව සිටින්නහු ය. මාගේ විශ්වාසවන්ත සාක්ෂිකාරයෙකු වූ අන්තිපාස්, සාතන්ගේ වාසභූමිය වන ඔබේ නගරයේ දී මරනු ලැබූ කාලයේ දී පවා, ඔබ මා කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප නොකළහු ය.


‘එහෙත් මේ ඉගැන්වීම් නොපිළිගත්, සාතන්ගේ යයි හඳුන්වනු ලබන ගුප්ත කරුණු නොදත්, තියාතිරාවෙහි සිටින සෙසු අයට මම මෙසේ කියමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්