Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 2:18 - Sinhala New Revised Version 2018

18 “තියාතිරා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ගිනි දැල්ලක් වැනි ඇස් ද, ඔපයෙන් දිළිසෙන ලෝකඩ වැනි පාද ද ඇති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 “තියාතිරා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ගිනි දැල්ලක් වැනි ඇස් ද, ඔපයෙන් දිළිසෙන ලෝකඩ වැනි පාද ද ඇති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 “තියාතිරා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “ගිනි දැල්ලක් වැනි ඇස් හා දිදුලන පිත්තල වැනි පා ඇති දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ වචන මෙසේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 තවද තියාතිරාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ගිනි දැල්ලක් වැනි ඇස්ද දිලිහෙන පිත්තල වැනි පාදයන්ද ඇත්තාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයා මේ කාරණා කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 2:18
22 හුවමාරු යොමු  

“ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය.


ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.


තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.


මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.


උන් වහන්සේ තමන්ගේ ම පුත්‍රයාණන් වුව ද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක් ම අපට නොමසුරු ව නොදෙන සේක් ද?


එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූ සේක.


එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි කී නිසා, ‘ඔබ දේවාපහාස කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද?


ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති.


උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත.


“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.


දේව දූතයා ඈට උත්තර දෙමින්, “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.


ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.


ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.


“එපීස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘සිය දකුණතෙහි තාරකා සත දරන, රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක.


නතානියෙල් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය”යි කී ය.


ඔව්හු මාර්ගයේ යද්දී, ජලය ඇති තැනකට පැමුණුණාහ. නපුංසකයා “මෙන්න, ජලය ඇත; බව්තීස්ම-ස්නාපනය ලැබීමට ඇති බාධාව කුමක් දැ”යි කී ය.


ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක.


‘එහෙත් මේ ඉගැන්වීම් නොපිළිගත්, සාතන්ගේ යයි හඳුන්වනු ලබන ගුප්ත කරුණු නොදත්, තියාතිරාවෙහි සිටින සෙසු අයට මම මෙසේ කියමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්