Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 18:23 - Sinhala New Revised Version 2018

23 පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 පහනක එළිය, යළි කිසි දින නුඹ තුළ බැබළෙන්නේ නැත. මනාල මනාලියකගේ හඬ, කිසි දින යළි නුඹ තුළ ඇසෙන්නේ නැත. නුඹේ වෙළෙන්දෝ පොළොවේ ශ්‍රේෂ්ඨයින් වූහ. නුඹේ මන්තරවලින් හැම ජාතියක්ම මුළා කරනු ලැබිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 පහනක එළිය නුඹ තුළ තවත් නොබැබළෙන්නේය; මණමාලයාගේවත් මණමාලීගේවත් හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය. මක්නිසාද නුඹේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය; නුඹේ මායමින්ද සියලු ජාතීහු රැවටුණෝය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 18:23
26 හුවමාරු යොමු  

ජෝරාම්, ජේහු දුටු විට, “ජේහු, ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබේ මව වන ජෙශෙබෙල්ගේ වේශ්‍යාකම් ද ඇගේ මායම් ද මෙපමණ තිබිය දී මොන සාමදානයක් දැ”යි ඇසී ය.


කොපමණ වරක් දුදනන්ගේ පහන නිවී ගියේ ද? කොපමණ වරක් ඔවුන් පිට විපත පැමිණියේ ද? කොපමණ වරක් දෙවිඳාණෝ සිය උදහසින් ඔවුන් වෙත දුක් දොම්නස් එවූ සේක් ද?


නපුරන්ට අනාගතයක් නැත; නිවී යන පහනක් මෙන් ඔවුන් පහවනු ඇත.


ලෝ වැසි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාජකීය වෙළෙඳුන් විසූ, අධිරාජ නගරයක් වූ තීර්ට විරුද්ධ ව මෙය යෝජනා කෙළේ කවරෙක් ද?


මේ කරුණු දෙක ම එනම්, දරුවන් නැති වීම ද වැන්දඹුවක වීම ද එක දවසේ හදිසියේ ම නුඹට පැමිණෙන්නේ ය. එය වැළැක්වීමට නුඹේ යන්ත්‍ර මන්ත්‍රවලින් හා සිව් සැට මායම්වලින් වැඩක් වන්නේ නැත.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි.


ඇරත් මම ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදයේ හඬ ද මනාලයා හා මනාලියගේ හඬ ද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළිය ද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි.


එවිට මම ජුදා නගරවලිනුත්, ජෙරුසලමේ වීදිවලිනුත් ප්‍රීති ප්‍රමෝද හඬ ද මනාල මනාලියන්ගේ කටහඬ ද නතර කරන්නෙමි. දේශය පාළුකරයක් වන්නේ ය.


නිනිවය නම් වෙසඟන ඇගේ දඬුවම් ලබන්නී ය. මායාකාරී ඈ ඉතා සුරූපී ය. ඈ ඇගේ වේශ්‍යාකමින් ජාතීන් ද මායම්වලින් ගෝත්‍ර ද වසඟ කරගත්තා ය.


ඔවුන් ඔහුට එසේ සවන් දුන්නේ ඔහුගේ අනවිනවලින් කාලයක් තිස්සේ ඔහු ඔවුන් මවිත කළ නිසා ය.


මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.


පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම් කළෝ ය. පොළොවේ වැසියෝ ද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රික පානයෙන් මත් වුණෝ ය”යි කීවේ ය.


ඇගේ නළල පිට: “මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි.


වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ.


මන්ද, සියලු ජාතීහු ඇගේ තදබල කාමරාගය නමැති මද්‍යසාරය පානය කළහ. මිහි පිට රජවරු ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළහ. දේශාන්තර වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධිකකමින් ධනවත් වූ හ”යි කී ය.


ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළ, සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඈ දවාලන ගින්නේ දුම දකින කල,


එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.


එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝ ද අනවින කරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද මිනී මරන්නෝ ද රූප වඳින්නෝ ද මුසාවට ප්‍රිය කොට එය භාවිත කරන්නෝ ද යන මොවුහු ය.


එහි රාත්‍රියක් තවත් නොවන්නේ ය. පහන් ආලෝකය වත්, සූර්යාලෝකය වත් ඔවුන්ට අවශ්‍ය නැත. මන්ද, දෙවි ස්වාමීන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක. ඔව්හු සදහට ම රජකම් කරන්නෝ ය.


පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය.


ඔවුන්ගේ මිනී මැරීම ද අනවින ද සල්ළාලකම් ද සොරකම් ද ගැන ඔව්හු පසුතැවී සිත් හරවා නොගත් හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්