Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 5:8 - Sinhala New Revised Version 2018

8 අප ජුදා රටේ තිබෙන, උතුම් දෙවියන් වහන්සේගේ මාලිගාවට ගිය බව රජතුමාට දැන්විය යුතු ව තිබේ. එය ලොකු ගල්වලින් ගොඩනඟාගෙන යනු ලැබේ. බිත්තිවලට ලී බාල්ක යොදා තිබේ. ඒ වැඩකටයුතු උනන්දුවෙන් හොඳින් කෙරීගෙන යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 අප ජුදා රටේ තිබෙන, උතුම් දෙවියන් වහන්සේගේ මාලිගාවට ගිය බව රජතුමාට දැන්විය යුතු ව තිබේ. එය ලොකු ගල්වලින් ගොඩනඟාගෙන යනු ලැබේ. බිත්තිවලට ලී බාල්ක යොදා තිබේ. ඒ වැඩකටයුතු උනන්දුවෙන් හොඳින් කෙරීගෙන යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 රජ්ජුරුවන් වෙත දන්වා එවන වගනම්: අපි යූදා රටේ තිබෙන උතුම්වූ දෙවියන්වහන්සේගේ ගෘහයට ගියෙමුව, ඒක ලොකු ගල්වලින් ගොඩනගාගන යති, බිත්ති පිට ලී තබා තිබේ, මේ වැඩේ ඉක්මනින් කෙරී ඔවුන් අතේ දියුණුවෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 5:8
20 හුවමාරු යොමු  

සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමාණන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.


ජුදාහි නුවරවල ඉශ්රායෙල්වරු ද පූජකයෝ ද ලෙවීවරු ද මාලිගාවේ සේවය කරන්නෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ නුවරවල තිබුණ තම තමන්ගේ උරුම කොටස්වල වාසය කළෝ ය. ජෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොවුහු ය:


බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ගෙනයනු ලැබූ බොහෝ දෙනෙක් වහල්කමෙන් මිදී බබිලෝනියේ සිට ජෙරුසලමටත් ජුදාහි තම තමන්ගේ නගරවලටත් පැමිණියහ.


ස්වර්ගයේ දෙවියන් වහන්සේ විසින් අණ කරනු ලැබ තිබෙන සියල්ල, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා හරියාකාර කරනු ලැබේවා. එසේ නොකළොත් රජුගේත්, ඔහුගේ පුත්‍රයන්ගේත් රාජ්‍යය කෙරෙහි උදහස පැමිණෙන්නට ඉඩ තිබේ.


එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය.


බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය:


අප සතුරන්ගේ දෙවිවරු, අපේ දෙවිඳුන් හා සම නොවෙති යි සතුරෝ දනිත්.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දේවාතිදේව ය. ස්වාමිවරුන්ගේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ මහා බලසම්පන්න, බිය උපදවන සුලු, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, අල්ලස් නොගන්න දෙවියන් වහන්සේ ය.


ඔවුන් යැවූ රපෝර්තුවේ මෙසේ ලියා තිබිණි: “දාරියුස් රජු හට සව් සෙත් වේ වා!


අපි ද එහි ප්‍රජා මූලිකයන්ගෙන් ප්‍රශ්න කරමින්, ‘මේ මාලිගාව ගොඩනඟන්නත්, එයට ගෘහ භාණ්ඩ සැපයීමටත් ඔබට නියෝගයක් කෙළේ කවරෙක් දැ’යි ඔවුන්ගෙන් ඇසීමු.


මහා ගල් පේළි තුනකුත්, අලුත් ලී පේළියකුත් ඇති ව එය සාදනු ලැබේවා. වියදම ද රාජ භාණ්ඩාගාරයෙන් ගෙවනු ලැබේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්