Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 5:11 - Sinhala New Revised Version 2018

11 ඔව්හු පිළිතුරු දෙමින්, ‘අපි ස්වර්ගයේත්, පොළොවේත් දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට පෙර ගොඩනඟන ලද, ඉශ්රායෙල්හි උතුම් රජෙකු විසින් ගොඩනඟා නිම කරන ලද මාලිගාව අපි නැවත ගොඩනඟමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔව්හු පිළිතුරු දෙමින්, ‘අපි ස්වර්ගයේත්, පොළොවේත් දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට පෙර ගොඩනඟන ලද, ඉශ්රායෙල්හි උතුම් රජෙකු විසින් ගොඩනඟා නිම කරන ලද මාලිගාව අපි නැවත ගොඩනඟමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඔව්හු උත්තරදෙමින්: අපි ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට ප්‍රථම ගොඩනගනලද්දාවූ, ඉශ්‍රායෙල්හි මහත් රජෙකු විසින් ගොඩනගා නිමකරනලද්දාවූ ගෘහය අපි නැවත ගොඩනගමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 5:11
17 හුවමාරු යොමු  

එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.


ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද? පාපය ඔබේ ස්වාමියා වුවහොත්, එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ.


මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි.


මා වැඳුම්පිදුම් කරන මාගේ ම දෙවියන් වහන්සේගේ දූතයෙක් ඊයේ රාත්‍රියේ මා ළඟ සිට,


“තවද යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝත් දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන සේක.


යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි.


ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.


රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි.


සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.”


එකොළොස් වන අවුරුද්දේ අට වන මාසය වන බූල් මාසයේ දී මාලිගාව එහි සියලු කොටස් ඇතුළු ව අඳින ලද සම්පූර්ණ සැලැස්ම අනුව නිම කරන ලදී. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය නොඩනැඟීමෙහි යෙදී සිටියේ ය.


තවද, ඔවුන්ට මූලික ව ක්‍රියා කරන මිනිසුන්ගේ නම් ලියාගෙන ඔබට දන්වනු පිණිස, ‘ඔවුන්ගේ නම් කවරේ දැ’යි ඔවුන්ගෙන් ඇසීමු.


සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,


සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සහ රජ මාලිගාව යන මාලිගා දෙක ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්