Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 4:2 - Sinhala New Revised Version 2018

2 සෙරුබ්බාබෙල් ද පිය වංශවල ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, “ඔබ හා සමඟ මාලිගාව ගොඩනඟන්නට අපටත් ඉඩ දෙන්න; මන්ද, ඔබ සේ ම අපිත් ඔබේ දෙවියන් වහන්සේ අදහමු; මෙතැනට අප ගෙනාවා වූ අසිරියාවේ රජු වන ඒසර්-හද්දොන්ගේ කාලයේ පටන් අපි උන් වහන්සේට පූජා කරමින් සිටියෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සෙරුබ්බාබෙල් ද පිය වංශවල ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, “ඔබ හා සමඟ මාලිගාව ගොඩනඟන්නට අපටත් ඉඩ දෙන්න; මන්ද, ඔබ සේ ම අපිත් ඔබේ දෙවියන් වහන්සේ අදහමු; මෙතැනට අප ගෙනාවා වූ අසිරියාවේ රජු වන ඒසර්-හද්දොන්ගේ කාලයේ පටන් අපි උන් වහන්සේට පූජා කරමින් සිටියෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 සෙරුබ්බාබෙල්ද පියවංශවල ප්‍රධානීන්ද ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹලා හා සමඟ මාලිගාව ගොඩනගන්ට අපට ඉඩදෙන්න. මක්නිසාද නුඹලා සේම අපිත් නුඹලාගේ දෙවියන්වහන්සේ අදහමුව; මෙතැනට අප ගෙනාවාවූ අෂූර්හි රජවූ ඒසර්-හද්-දොන්ගේ කාලයේ පටන් අපි උන්වහන්සේට පූජාකරන්නෝව සිටිමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 4:2
19 හුවමාරු යොමු  

තවද, ඔහු තමාගේ දෙවි නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාර කරද්දී ඔහුගේ පුත්‍රයන් වන අද්‍රම්මෙලෙක් ද ෂරෙශෙර් ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට පලා ගියහ. ඔහුගේ පුත් ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ විය.


අසිරියාවේ රජ බබිලෝනියෙන් ද කුතාවෙන් ද අව්වායෙන් ද හමාතෙන් ද සෙපර්වයිමෙන් ද මිනිසුන් ගෙනවුත්, ඉශ්රායෙල් ජනයා වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔව්හු සමාරිය හිමි කරගෙන එහි නගරවල වාසය කළෝ ය.


යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි.


මේ ප්‍රශ්නය මතු වූයේ කිතුනු සහභාගිකම තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලන්න අප අතරට රිංගාගත් ව්‍යාජ ක්‍රිස්තියානීන් නිසා ය. මොවුන් අප වහල් කරගැනීමට තැත් කළ නමුත්


අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”


එවිට අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් තෙමේ පසු බැස නිනිවයට ආපසු ගියේ ය.


ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය.


එහෙත්, පළමු මාලිගාව දුටු මහලු අය වන බොහෝ පූජකයෝ ද ලෙවීවරු ද පිය වංශවල ප්‍රධානියෝ ද මාලිගාවේ අත්තිවාරම් දැමූ බව දුටු විට මහා හඬින් හැඬුවෝ ය. තවත් බොහෝ දෙනෙක් ප්‍රීති ඝෝෂා ද පැවැත්වූ හ.


ඒ අවස්ථාවේ දී ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද පූජකයන් වූ ඔහුගේ සහෝදරයෝ ද ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ඔහුගේ සහෝදරයෝ ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස, දවන යාග පූජා ඔප්පු කරන පිණිස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ පූජාසනය ගොඩනැඟීමට පටන්ගත්හ.


ඔවුන් පැමිණියේ, සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද නෙහෙමියා ද සෙරායා ද රේලායා ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිශ්පාර් ද බිග්වායි ද රෙහුම් ද බානා ද සමඟ ය. ඉශ්රායෙල් ජනයා අතර වූ පිරිමින්ගේ ගණන මෙසේ ය:


ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.


මෙසේ මේ විජාතීහු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් තමන්ගේ රූපවලට සේවය කළහ. එලෙසම ඔවුන්ගේ දරුවෝ ද දරුවන්ගේ දරුවෝ ද තමන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කරති.


ඒ දේශයෙන් අසිරියාවට නික්ම ගොස් නිනිවය ද රෙහොබොත්-ඊර් නගරය ද කලා ද


“ඉතින් අපේ දෙවියන් වහන්ස, මහත් වූ, බලවන්ත වූ, භයානක වූ ගිවිසුම ද කරුණාව ද පවත්වන්නා වූ දෙවියන් වහන්ස, අසිරියාවේ රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත්, අපේ පියවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පූජකයන්ටත්, අපේ දිවැසිවරුන්ටත්, ඔබේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළු ලෙස නොපෙනේ වා!


දිනක් ඔහු තමාගේ දෙවි වූ නිස්රොක්ගේ දේවාලයේ නමස්කාර කරමින් සිටිය දී, ඔහුගේ පුත්‍රයන් වූ අදුම්මෙලෙක් හා ෂරෙශෙර් ඔහු කඩුවෙන් මරාදමා අරාරාත් රටට පලා ගියෝ ය. ඒසර්-හද්දොන් නම් ඔහුගේ තවත් පුත්‍රයෙක් ඔහු වෙනුවට අධිරාජයා වශයෙන් පත් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්