එස්රා 3:9 - Sinhala New Revised Version 20189 එවිට ජේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද කද්මියෙල් සහ ඔහුගේ පුත්‍රයන් වූ ජුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ලෙවීවරු එකමුතු ව දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්නන් පිළිබඳ වගකීම තමන් අතරේ බෙදාගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 එවිට ජේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද කද්මියෙල් සහ ඔහුගේ පුත්‍රයන් වූ ජුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ලෙවීවරු එකමුතු ව දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්නන් පිළිබඳ වගකීම තමන් අතරේ බෙදාගත්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 එවිට යේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝද සහෝදරයෝද කද්මීයෙල් සහ ඔහුගේ පුත්‍රයෝවූ යූදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ලෙවීවරු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩකරන්නන් බලා ගැනීමට එක්කෙනෙකු මෙන් සිටියෝය. පරිච්ඡේදය බලන්න |
ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවට ඔවුන්ගේ පැමිණීමෙන් පසු, දෙ වන අවුරුද්දේ දෙ වන මාසයේ දී ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද එහි වැඩ පටන්ගත්හ. ඔවුන්ගේ සෙසු සහෝදරයෝ ද පූජකයෝ ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී ජෙරුසලමට පැමිණි සියල්ලෝ ද ඔවුන්ට සහාය වූ හ. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලාගැනීමට විසි අවුරුදු හා ඊට වැඩි වයසැති ලෙවීවරුන් පත් කළෝ ය.