Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 1:7 - Sinhala New Revised Version 2018

7 තවද, සයිරස් රජු නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙන් ගෙනවුත්, තමාගේ දේවාලයේ තැබූ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ පිටතට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 තවද, සයිරස් රජු නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙන් ගෙනවුත්, තමාගේ දේවාලයේ තැබූ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ පිටතට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 තවද කෝරෙෂ් රජ නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් ගෙනවුත් තමාගේ දෙවියන්ගේ ගෘහයෙහි තබනලද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ පිටතට ගෙන්නෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 1:7
13 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සමහර භාණ්ඩත් නෙබුකද්නෙශර් බබිලෝනියට ගෙන ගොස් බබිලෝනියේ තම මාලිගාවෙහි තැබුවේ ය.


තවද, නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවෙන් රැගෙන, බබිලෝනියට ගෙනෙන ලද දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ ආපසු දෙනු ලැබ, ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ නියම තැන්වල තැබීමට ගෙනයනු ලබාවා. ඒවා දෙවියන් වහන්සේගේ මාලිගාවේ තැබිය යුතු ය.’ ”


තවද, නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙන ගොස්, බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ, සයිරස් රජ බබිලෝනියේ දේවාලයෙන් රැගෙන, තමා දිශාධිපතියා වශයෙන් පත් කළ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාර දුන්නේ ය.


ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.


ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.


ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය.


මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි. ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය. එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්