Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 7:4 - Sinhala New Revised Version 2018

4 මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරමි; පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරමි; පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මාගේ ඇස නුඹ කෙරෙහි දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි. නුඹේ මාර්ග නුඹ පිටට පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල් දේ නුඹ මධ්‍යයෙහි වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 7:4
24 හුවමාරු යොමු  

ඉන්පසු මම ඔවුන්ගේ පියවරුන් ද පුත්‍රයන් ද සියලු සෙනඟ ද එකිනෙකා ඝට්ටනය කොට විනාශ කරන්නෙමි. ඔවුන් විනාශ නොවන හැටියට මා ඔවුන්ට දයා වන්නේ වත්, කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත.”


මළකඳන් වැනි අශික්ෂිත පිළිමවලින් ඔවුන් මාගේ දේශය දූෂණය කර, දේශය පිළිකුල් කටයුතු දෙවිවරුන්ගෙන් පුරවා ඇති නිසා මම ඔවුන්ගේ අයුතුකමටත්, පාපයටත් දෙගුණයක් ප්‍රතිවිපාක ගෙන දෙන්නෙමි.”


බොහෝ ජාතීහු ද බලසම්පන්න රජවරු ද ඔවුන් වහල්කමට ගන්නෝ ය. මම ද ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියා අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන්නෙමි.”


එහෙත්, තමන්ගේ අශික්ෂිතකම් ද තමන්ගේ පිළිකුල්කම් ද කෙරෙහි සිත ඇදී ගොස් ඇති අයට ඔවුන්ගේ ක්‍රියාවල විපාක විඳින්නට සලස්වන්නෙමි’ මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


වැසියන්ගෙන් ගහණ වූ නගර නාස්ති වී දේශය පාළු වන්නේ ය. මෙසේ මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය.’ ”


නුඹ නුඹේ බාල කාලය අමතක කොට, නුඹ කළ සියල්ලෙන් මා උදහස් කළ බැවින් එහි දුර්විපාක මම නුඹ පිට පැමිණෙව්වෙමි. නුඹ ද නුඹේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට, මේ නපුරු දූෂ්‍යකම් කෙළේ මන්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේක.’ ”


එබැවින්, මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ කෝපාග්නියෙන් ඔවුන් විනාශ කරදමා ඔවුන්ට යුතු දඬුවම ඔවුන් පිට පැමිණෙව්වෙමි. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


නුඹේ සහෝදරීගේ මාර්ගයෙහි නුඹ ගිය බැවින් ඇගේ දඬුවම් නමැති කුසලාන නුඹේ අතට දෙමි.


නුඹලාගේ සල්ලාලකමේ දුර්විපාකය නුඹලා පිට පමුණුවනු ඇත; පිළිම නැමදීමේ පාපයට දඬුවම් ලැබෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.’ ”


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම එය කීවෙමි; එය සිදු වන්නේ ම ය. මම එය කරන්නෙමි. මා පසුබට වන්නේ වත්, දයාව දක්වන්නේ වත් නැත; නුඹේ කල්ක්‍රියාවේ හැටියට නුඹ විනිශ්චය කරනු ලබනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙය වදාරන සේක.’ ”


ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා නිසා මා දේශය පාළුවක් ද නාස්තියක් ද කළ විට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.


“එබැවින් ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ දිවුරා කියමි. නුඹේ සියලු අශික්ෂිතකම්වලින් ද නුඹේ සියලු පිළිකුල්කම්වලින් ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා සැබැවින් ම මමත් නුඹ නිර්දය ලෙස වනසාලන්නෙමි. මම ද නුඹට කරුණා නොකරන්නෙමි; අනුකම්පාව නොපෙන්වන්නෙමි.


මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


මරුමුවට පත් වූ අය නුඹලා අවට වැටී සිටින විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


රජතුමා වැලපෙන්නේ ය. අධිපතියා ශෝකයෙන් කලකිරෙන්නේ ය. දේශයේ සෙනඟගේ අත් පණ නැති වන්නේ ය. මම ඔවුන්ගේ කල්ක්‍රියාව අනුව ඔවුන්ට දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ ම විනිශ්චයයන් අනුව ඔවුන් විනිශ්චය කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


ඉශ්රායෙල් දේශය, නුඹේ අවසානය දැන් පැමිණ තිබේ. මාගේ උදහස නුඹලාට විරුද්ධ ව එවා, නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල්කම් අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.


මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරන්නෙමි. පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. පහර දෙන්නේ ස්වාමීන් වන මා බව මෙසේ නුඹලා දැනගන්නහු ය.


එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක.


එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක.


ජුදාහි සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට පැමිණිල්ලක් ඇත. තවද, උන් වහන්සේ ජාකොබ් සෙනඟගේ හැසිරීමට නිසි දඬුවම දෙන සේක. ඔවුන්ගේ ක්‍රියාවලට නිසි විපාකය දෙන සේක.


“දඬුවම් දීමේ කාලය පැමිණ තිබේ; සෙනඟ දුර්විපාක ලැබීමේ කාලය පැමිණ තිබේ. මේ දිවැසිවරයා මෝඩයෙක් ය; දේව ආත්මානුභාවය ඇති මේ මිනිසා පිස්සෙක් යයි ඉශ්රායෙල් දැනගන්නවා ඇත. නුඹලා මට එසේ ද්වේෂ කරන්නේ නුඹලාගේ අධික පාපය හා දැඩි කෝපය නිසා ය.


“ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි උන් වහන්සේ මාගෙන් ඇසූ සේක. “ලඹ ලණුවකැ”යි මම පිළිතුරු දිනිමි. එකල උන් වහන්සේ, “මාගේ සෙනඟගේ ඇදකුද කෙතරම් ද කියා, මේ ලඹ ලණුව ඇල්ලීමෙන් මම නුඹට පෙන්වමි. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස මම වෙනස් නොකරමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේශයේ වැසියන්ට තවත් අනුකම්පා නොකරමි. මම හැම මිනිසෙකු ම ඔහුගේ එඬේරා වන පාලකයාට හා රජුගේ බලයට පාවා දෙමි. මොවුහු දේශය නැතිනාස්ති කරති. ඔවුන්ගේ බලයෙන් මම කිසිවෙකු බේරා නොගනිමි.


මන්ද; “පළිගැනීම මා සතු ය, විපාක දෙන්නේ මම ය”යි ද, “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන සේකැ”යි ද, වදාළ තැනැන් වහන්සේ අපි දනිමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්