Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 7:13 - Sinhala New Revised Version 2018

13 වෙළෙන්දා තමා විකුණන දේ දිවි ඇති තාක් නැවත නොලබන්නේ ය. මන්ද, දේව උදහස සකල සමූහයට විරුද්ධ ව තිබේ. නපුර කළ අයට නපුර නිසා ජීවත් ව සිටිය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 වෙළෙන්දා තමා විකුණන දේ දිවි ඇති තාක් නැවත නොලබන්නේ ය. මන්ද, දේව උදහස සකල සමූහයට විරුද්ධ ව තිබේ. නපුර කළ අයට නපුර නිසා ජීවත් ව සිටිය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 විකුණන්නාද ජීවත්ව සිටින්නන් අතරෙහි ජීවත්ව සිටියත්, ඔහු වික්ක උරුමයට නැවත නොපැමිණෙන්නේය. මක්නිසාද මේ දර්ශනය එහි මුළු සමූහයාට විරුද්ධව තිබේ, කිසිවෙක් හැරීඑන්නේ නැත; කිසිවෙක්ද තමාගේ අයුතුකමින් තමාගේ ජීවිතය බලවත්කර නොගන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 7:13
11 හුවමාරු යොමු  

මන්ද, ඔහු දෙවිඳුන්ට විරුද්ධ ව අත අමෝරා ගත්තේ ය; සව් බලැති දෙවිඳුන්ට එරෙහි ව අභියෝග කෙළේ ය.


“දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය; තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.”


මරණයෙන් වැළකීමට වත්, මරණය කල් දැමීමට වත් කෙනෙකුට නොහැකි ය. සටනෙන් මිදීමකුත් නැත; දුෂ්ටයාට, දුෂ්ටකම නිසා නිදහස්වීමක් නැත.


කුමක් නිසා ද, මම සමිඳාණන් වහන්සේ ය; මා කී දේ කීවා ම ය. එය තවත් පමා නොවී ඉෂ්ට වනු ඇත. එසේ ය, ‘එම්බා කැරලිකාර වංශය! මම නුඹලාගේ ජීවිත කාලයේ දී ම මා පැවසූ දේ ඉටු කරන්නෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”


එබැවින් ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවේ; මා කී දේ කීවා ම ය; එය ඉටු වන්නේ ම යැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”


“ ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය.


“මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.


එහෙත්, පවුරුවලින් වට නො වූ ග්‍රාමවල ඇති නිවාස නම්, කෙත්වතු සමඟ ගණන් ගත යුතු වේ. මුදල් ගෙවා ඒවා ආපසු ගත හැක, ජුබිලි වර්ෂයේ දී ඒවායේ අයිතිය මාරු වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්