Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 48:9 - Sinhala New Revised Version 2018

9 “නුඹලා එයින් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු සමිඳාණන් වහන්සේට විශේෂ කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ව තිබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “නුඹලා එයින් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු සමිඳාණන් වහන්සේට විශේෂ කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ව තිබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුඹලා එයින් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුවූ උපහාර කොටස විසිපන් දහසක් දිගද දස දහසක් පළලද ඇතුව තිබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:9
5 හුවමාරු යොමු  

“ඔවුන්ට නියම උරුමය නැත. ඔවුන්ගේ උරුමය මම වෙමි.


“තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය.


විශේෂ කොටස පූජකයන්ට අයිති වන්නේ ය. එනම්, උතුරට කිලෝමීටර් දොළහමාරක් ද බස්නාහිරට කිලෝමීටර් පහක් පළල ද නැගෙනහිරට කිලෝමීටර් පහක් පළල ද දකුණු දෙසට කිලෝමීටර් දොළහමාරක් දිග ද ඇති කොටසක් වන්නේ ය. එය මැද සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේ ය.


“ජුදා දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා වෙන් කළ යුතු විශේෂ කොටස වන්නේ ය. එහි පළල කිලෝමීටර් දොළහමාරක් ද එහි දිග ගෝත්‍රයකට හිමි කොටසට සමාන වූ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ද වන්නේ ය. ශුද්ධස්ථානය එහි මැද වන්නේ ය.


කානාන් දේශයෙහි ෂිලෝහි දී ඔවුන්ට කතා කොට, “වාසය කිරීමට නගර ද අපේ සිවුපාවුන්ට ඒ නගර අවට තණ බිම් ද දෙන්නට කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ආඥා කෙරෙවූ සේකැ”යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්