Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 47:2 - Sinhala New Revised Version 2018

2 එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එකල ඔහු මා උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට තිබුණු පිටත මාර්ගයෙන් පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙවුවේය; එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනවා දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 47:2
5 හුවමාරු යොමු  

ඔහු උතුරු දොරටුවට මා පමුණුවා එය මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි.


සමිඳාණන් වහන්සේ මට කතා කොට, “මේ දොරටුව නෑර වසා තිබිය යුතු ය. කිසිවෙක් එයින් ඇතුළු නොවන්නේ ය. මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ එයින් ඇතුළු වූ සේක. එබැවින් එය වසා තිබිය යුතු ය.


එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් මාලිගාවේ ඉස්සරහ පැත්තට මා පැමිණෙව්වේ ය. මා බැලූ විට සමිඳාණන් වහන්සේගේ මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දැක මම මුණින්තළා වී වැටුණෙමි.


පසු ව ඒ මනුෂ්‍යයා දේව මාලිගාවේ දොරකඩ ළඟට මා නැවත පැමිණෙව්වේ ය. එවිට දේව මාලිගාවේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව මම දිටිමි. මන්ද, දේව මාලිගාවේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේ ය. ඒ වතුර දේව මාලිගාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එළිපත්ත යටින් ගලා ආවේ ය.


ඒ මනුෂ්‍යයා තමාගේ අතින් ලණුව රැගෙන නැගෙනහිර දෙසට යමින් මීටර් පන්සියයක් මැන්නේ ය. එවිට ඔහු මට වතුර මැදින් එගොඩට යන්න කීවේ ය. වතුර වළලුකර දක්වා තිබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්