Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 47:14 - Sinhala New Revised Version 2018

14 නුඹලා අතර සම සම ව දේශය බෙදාගන්නහු ය; මන්ද, නුඹලාගේ පියවරුන්ට එය දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයන් පිණිස නුඹලාට ලැබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 නුඹලා අතර සම සම ව දේශය බෙදාගන්නහු ය; මන්ද, නුඹලාගේ පියවරුන්ට එය දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයන් පිණිස නුඹලාට ලැබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුඹලාගෙන් එක්කෙනෙකුට මෙන් තවත් කෙනෙකුට ඒක උරුමවන්නේය; මක්නිසාද නුඹලාගේ පියවරුන්ට ඒක දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයක් පිණිස නුඹලාට ලැබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 47:14
16 හුවමාරු යොමු  

එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.


“ඉශ්රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පස ඇට දමා බෙදිය යුතු දේශය එය වේ. ඔවුන්ගේ කොටස් ඒවා ය.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


“නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මාගේ අත ඔසවා දිවුළ දේශය වන ඉශ්රායෙල් රටට මා නුඹලා පැමිණෙවු කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


ඔවුන්ට දෙන ලෙස මා අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා ඔවුන් පැමිණෙවූ කල, ඔවුන් දුටු සියලු උස් හෙල් ද අතු පතර ඇති සියලු ගස් ද ඉදිරියෙහි ඔව්හු තමන්ගේ පූජා ඔප්පු කළහ; එසේ පඬුරු පිදීමෙන් ඔව්හු මා උදහසට පත් කළහ. එහි ඔව්හු තමන්ගේ සුගන්ධ ද්‍රව්‍ය පතුරුවා එහි ම තමන්ගේ පාන පූජා වැගිරෙවුවෝ ය.


තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ; තීරණය දෙන්නේ සමිඳාණෝ ය.


බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ ”


ජෙපුන්නේගේ පුත් කාලෙබ් හා නූන්ගේ පුත් ජෝෂුවා හැර, අන් කිසිවෙකු මා ඔබ හැම පදිංචි කරවීමට පොරොන්දු දුන් රටට කිසි සේත් ඇතුළු නොවනු ඇත.


‘සමිඳාණන් වහන්සේ ඔවුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙනෙන්නට නොහැකි වූ බැවින්, උන් වහන්සේ ඔවුන් පාළුකරයේ දී මරාදැමූ සේකැ’යි කියන්නාහ.


සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.


මඳ කලක් මෙරට වසන්න. මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි; ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි. මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.


නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”


එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.


නුඹට පෙනෙන මේ මුළු රට ම නුඹටත්, නුඹේ පෙළපතටත් සදහට ම මම දෙන්නෙමි.


එම්බා මාගේ ඉශ්රායෙල් දේශය! නුඹ තුළ මිනිසුන්, එනම් ඉශ්රායෙල් සෙනඟ සැරිසරන්නට සලස්වන්නෙමි. ඔවුන් නුඹ අයිති කරගනු ඇත. නුඹ ඔවුන්ගේ භූමිය වන්නෙහි ය. නුඹ තවත් මිනිස් දරුවන්ගෙන් හිස් වී නොසිටින්නෙහි ය.


පසුව ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද දෙන ලෙස මා දිවුළ දේශයට මම නුඹලා ගෙනෙන්නෙමි. මම එය නුඹලාට උරුම කොට දෙන්නෙමි. සමිඳාණන් වහන්සේ මම වෙමි’යි කියන්න.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්