Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 45:5 - Sinhala New Revised Version 2018

5 කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මාලිගාවේ සේවකයන් වන ලෙවීවරුන් වාසය සඳහා පිහිටුවීමට නගර පිණිස උරුමයක් වේ වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මාලිගාවේ සේවකයන් වන ලෙවීවරුන් වාසය සඳහා පිහිටුවීමට නගර පිණිස උරුමයක් වේ වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 විසිපන්දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් ගෘහයේ සේවකයන්වූ ලෙවීවරුන්ට උරුමයක් පිණිස කාමර විස්සක් ඇතුළුව වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 45:5
9 හුවමාරු යොමු  

එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.


විශේෂ කොටස පූජකයන්ට අයිති වන්නේ ය. එනම්, උතුරට කිලෝමීටර් දොළහමාරක් ද බස්නාහිරට කිලෝමීටර් පහක් පළල ද නැගෙනහිරට කිලෝමීටර් පහක් පළල ද දකුණු දෙසට කිලෝමීටර් දොළහමාරක් දිග ද ඇති කොටසක් වන්නේ ය. එය මැද සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේ ය.


පූජකයන්ගේ සීමාවට යාව කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේ ය. මුළු දිග කිලෝමීටර් දොළහමාරක් ද පළල කිලෝමීටර් පහක් ද විය යුතු ය.


“වෙන් කරන ලද මුළු කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ව, කිලෝමීටර් දොළහමාරක් පළල ව තිබිය යුතු ය. එසේ ශුද්ධ විශේෂ කොටස, නුවර කොටස ඇතුළු ව සතරැස් එකක් කොට වෙන් කරන්න.


හත් දිනක් ම නුඹලා පැල්පත්වල වාසය කළ යුතු ය. ඉශ්රායෙල් ජාතිකයන් සියලු දෙන මෙසේ විසිය යුතු ය.


“ඉශ්රායෙල් ජනයාට උරුම වන කොටසින් ලෙවීවරුන්ට වාසය කිරීම පිණිස නගර දීමට ඔවුන්ට අණ කරන්න. තවද, ඉශ්රායෙල් ජනයා, නගර සිසාරා ඇති තණ බිම් ද ඔවුන්ට දිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්